අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජගත් පරිසර දිනය නිමිත්තෙන් කෙටි චිත්‍රපට තරගයක් Featured

    අප්‍රේල් 06, 2014

    එළැඹෙන ජූනි 05 වැනි දිනට යෙදෙන ජගත් පරිසර දිනය නිමිත්තෙන් “සොබා චලන සිතුවම්” නමින් දීප ව්‍යාප්ත කෙටි චිත්‍රපට තරගයක් සංවිධානය කිරීමට පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය තීරණය කර ඇත.


    මේ සඳහා ඉදිරිපත් කරන කෙටි චිත්‍රපටයක කාලය උපරිම විනාඩි පහක් විය යුතු අතර, පරිසරය පිළිබඳ ඕනෑම තේමාවක් ඔස්සේ නිර්මාණ ඉදිරිපත් කළ හැකිය. එමෙන්ම සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවෙන් නිර්මාණ ඉදිරිපත් කළ හැකි අතර සිංහල, දෙමළ යන භාෂාවෙන් සිදු කරන නිර්මාණ සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් උපසිරැසි ගැන්විය හැකි නම් වඩාත් සුදුසුය. (දෙබස් රහිත නම් මෙම කොන්දේසිය අදාළ නොවේ.)


    එක් අයදුම්කරුවෙකුට නිර්මාණ එකකට වැඩි සංඛ්‍යාවක් වුවද ඉදිරිපත් කළ හැකි අතර, එක් නිර්මාණයක් DVD පිටපත් තුනකින් ලබා දිය යුතුය. පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ සහ ඊට අනුබද්ධ ආයතනවල නිලධාරීන්ට මෙම තරගය සඳහා ඉදිරිපත් විය නොහැකිය. තරගයට ඉදිරිපත් කරන චිත්‍රපට සුදුසු අවස්ථාවන්හි ප්‍රදර්ශනය කිරීමේ අයිතිය පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයට ද හිමිවේ.


    ඉහත තරගයේ විනිශ්චය අදාළ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් විසින් සිදු කරන අතර, විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසන් තීරණය වේ.


    තෝරා ගන්නා හොඳම නිර්මාණ සඳහා,

    1 වෙනි ස්ථානය - රු. 50,000.00, 2 වෙනි ස්ථානය - රු. 40,000.00 සහ 3 වෙනි ස්ථානය - රු. 30,000.00 ලෙස මුදල් ත්‍යාග මෙන්ම සම්මාන සහ සහතිකපත්‍ර ද ජාතික පරිසර දින සැමරුම් උත්සවයේදී පිරිනැමීමට නියමිතය. නිර්මාණකරුවන් තිදෙනෙකුට කුසලතා සහතික පත්‍ර සහ සමරු තිළිණ ද පිරිනැමේ.


    සියලු නිර්මාණ ලබන මැයි 09 දිනට පෙර ප්‍රවර්ධන හා පරිසර අධ්‍යාපන අංශය, පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය, අංක 82, සම්පත්පාය, රජමල්වත්ත පාර, බත්තරමුල්ල යන ලිපිනයට එවිය යුතුය. වැඩිදුර තොරතුරු සඳහා 0112 863 6520112 863 652 දූරකතන අංකයෙන් විමසිය හැකිය.

     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya