ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය පිළිබඳව අද (06) මධ්‍යහන 1200ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව සුළං ගිනිකොන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-30ක් පමණ වේ.
දිවයිනට දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැ.කි.මී. 50ක් දක්වා ඉහළ යා හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටෙක තරමක් රළු විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැක.
සාමාන්‍යයෙන් දිවයින අවට අනෙක් මුහුදු ප්‍රදේශ රළු නොවන නමුත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.
HC