අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද අලුත්ගම, සූරියකන්ද, තණමල්විල සහ මහිරාව නගරවලට හිරු මුදුන් වේ

    අප්‍රේල් 06, 2014

    අද (06) අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයින පුරාම පාහේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් උදය කාලයේ දී ද වැසි බලාපොරොත්තු විය හැක.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක . අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, මෙම අප්‍රේල් 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතී. අද දහවල් 12.13ට අලුත්ගම, සූරියකන්ද, තණමල්විල සහ මහිරාව යන නගර වලට හිරු මුදුන්ව පවතී. 

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya