අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විද්‍යාවේ අනාගත හාස්කම් ගැන කී මහ ඉසිවරයාගේ 06 වන ගුණසමරුව හෙට Featured

    අප්‍රේල් 06, 2014

    ශ්‍රීමත් ආතර් සී ක්ලාක් ගුණ සමරු උළෙල හෙට (07) ප.ව. 4.45ට තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරණායක සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේ, අන්තර්ජාතික අධ්‍යයනයන් පිළිබඳ මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

     

    ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මහතාගේ ගුණ සමරු දේශනය හොංකොංහි චීන විශ්වවිද්‍යාලයේ පෘථීවි සහ අභ්‍යවකාශ තොරතුරු විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය හුයිලින් මහතා විසින් සිදුකරනු ලබයි.

     

    විද්‍යාඥයෙකු විද්‍යා ප්‍රබන්ධකරුවෙකු මෙන්ම සඵල වූ විශිෂ්ට විද්‍යා අනාවැකිකරුවෙකු ලෙස විවිධ විෂය ක්ෂේත්‍රයන්හි විශ්ව කීර්තියට පත් ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් මහතා ලොව වඩාත්ම ප්‍රසිද්ධියට පත්වන්නේ, 1945 "වයර්ලස් වර්ල්ඩ්" (Wireless World) සඟරාව තුළින් ඉදිරිපත් කළ චන්ද්‍රිකා ත්‍රිත්වයක් භාවිතයෙන් කළ හැකි අන්තර් මහාද්වීපික විද්‍යුත් සන්නිවේදන ශක්‍යතාව පිළිබඳ ඓතිහාසික සංකල්පය වන"භූ ස්ථාවර චන්ද්‍රිකා සංකල්පය"නිසාය.

     

    ආචාර්ය ආතර් සී ක්ලාක් මහතා විසිවන සියවසේ ලොව පහළවූ විශිෂ්ට පුද්ගලයන් කිහිපදෙනාගෙන් කෙනෙකු ලෙස සැළකෙන අතර, ජගත් සන්නිවේදනයේ පියා ලෙස ද එතුමා නම්කර තිබේ. 1917 දෙසැම්බර් 16 වන දින එංගලන්තයේ මයින් හෙඩ් නම් ගමෙහි උපත ලද ආතර් චාල්ස් ක්ලාක් 1956 වර්ෂයේ ලංකාවේ ස්ථීර පදිංචියට පැමිණෙන අතර, ලොව ප්‍රථම විද්‍යා ප්‍රබන්ධකරුවා ලෙසද කැපී පෙනෙන්නේ චන්ද්‍රිකා තාක්ෂණ සංකල්පය ලොවට හඳුන්වාදීමත් සමඟය.

     

    විද්‍යාව හා තාක්ෂණ ක්ෂේත්‍රයට කරන ලද මෙහෙය සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාවේ ඉහළම පුරවැසි සම්මානය වන ශ්‍රී ලංකා අභිමාන්‍ය සම්මානයෙන් ද පිදුම් ලැබූ ආතර් සී ක්ලාක් මහතාට දක්වන ලද තවත් සුවිශේෂී උපහාරයක් වන්නේ ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතනයක් වන නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය එතුමාගේ නමින් නම් කිරීමයි.

     

    තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනයක් වන නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ පුරෝගාමී අනුශාසකයා ලෙස පත් කෙරුණේ ද ආතර් සී. ක්ලාක් මහතා වන අතර, මධ්‍යස්ථානය ආරම්භ කිරීමේ අදහස මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ ද එතුමා විසිනි. තාක්ෂණය හඳුන්වාදීම වේගවත් කිරීමට අවශ්‍ය දායකත්වය, පර්යේෂණ සංවර්ධන කටයුතු සඳහා සහයෝගය, නවීන තාක්ෂණ විෂය ක්ෂේත්‍රවල කාර්ය මණ්ඩල පුහුණුවට දායකත්වය ලබාදීම මූලික පරමාර්ථය කරගනිමින් ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය ක්‍රියාත්මක වේ.

     

    ආතර් සී ක්ලාක් ශ්‍රීමතාණන්ගේ ගුණානුස්මරණය කරමින් ඔහුට උපහාර දක්වමින් ගුණ සමරු දේශන මාලාවක් ආතර් සී ක්ලාක් ආයතනය 2009 වසරේ සිට පවත්වනු ලබයි. නවීන තාක්ෂණ තොරතුරුවලින් සමන්විත ගුණඅනුස්මරණ දේශනයක් පැවැත්වීමට ආතර් සී ක්ලාක් ආයතනය කටයුතු කරනු ලබන අතර, නිරන්තරයෙන් දෙස් විදෙස් සුපතල විද්‍යාඥයින්ගේ සම්පත් දායකත්වය ලබාගනී.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya