අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ හදන්න ජනපතිගෙන් සැලැස්මක්

    ජූලි 29, 2020

    දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටළු හඳුනාගනිමින් විධිමත් සැලැස්මක් සහිතව කොළඹ සංවර්ධනය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

    නිවාස හිඟය, කසල බැහැර කිරීමේ දුෂ්කරතා සහ ගේ දොර ජලයෙන් යටවීම දිස්ත්‍රික්කයේ ජනතාවට බලපා ඇති ගැටළු කිහිපයකි. ඒවාට විසඳුම් දෙමින් වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

    පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමට (28) කොළඹ දිස්ත්‍රික්කයේ චාරිකා කරමින් ජනාධිපතිතුමා මේ බව පැවසිය.

    ආනන්ද සමරකෝන් රඟහල අසළ සංවිධාන කර තිබූ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමා ගැටළු සාකච්ඡා කරමින් ජනතාව සමග සුහද කතා බහක නිරත විය.

    නිවාස ඔප්පු නොලැබීම, පැල්පතට විකල්පයක් ලෙස නිවාස ලබාගැනීම සහ ගංවතුර පාලනයට විසඳුමක් ලෙස කඩවත - වැල්ලවත්ත ඇල මාර්ගය පුළුල් කර පිළිසකර කිරිම යන ඉල්ලීම් දෙහිවල නගර සභාව අසළ සංවිධාන කර තිබූ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරිණි.

    අත්තිඩිය ඉරිදා සතිපොළ පරිශ්‍රයේ සහ අපේක්ෂක සමන් ලාල් ප්‍රනාන්දු මහතා මොරටුව ලුණාව කලපුව අසළ සංවිධාන කළ ජන හමුවලට සහභාගී වූ ජනාධිපතිතුමාට ජනතාව මහත් හරසර පුද කළහ.

     

    මොරටුව ප්‍රදේශයට විශාල ප්‍රශ්නයක් වී ඇති පාතාලය සහ මත්ද්‍රව්‍ය උවදුර කඩිනමින් අවසන් කර දෙන ලෙස රැස්ව සිටි පිරිස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.

    පිළියන්දල ඔරලෝසු කණුව අසළ සහ මහරගම, නගරයේ සංවිධාන කළ ජන හමුවලට සහභාගී වූ ජනාධිපතිතුමා ප්‍රදේශයේ ජනතාව සමග සුහද කථා බහක නිරත විය.

    මහරගම, පමුණුව පදික වෙළෙඳාමේ නිරත 850ක් පමණ පිරිස වෙනුවෙන් පොදු ස්ථානයක් සකසන ලෙස යෝජනාවක් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරිණ.

    තමා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටියදී සැලැස්මක් සකස් කළද එල්ල වූ විරෝධතාව නිසා එය ඇණ හිටි බව ජනාධිපතිතුමා සිහිපත් කළේය.

    හෝමාගම නාගරික උද්‍යානයේ සංවිධාන කර තිබූ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමාට මහා සංඝරත්නය ආශිර්වාද කළහ. දූෂණයෙන් තොර පිරිසිදු පාලනයක් ස්ථාපනය කරන ලෙස රැස්ව සිටී ජනතාව ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.  හෝමාගම රෝහලේ අඩු පාඩු කෙරෙහි ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු කෙරිණ.

    නව හැවිරිදි රැසදි සෙත්මිණි ජයවීර දැරිය ගායනා කළ කවියකට සවන් දුන් ජනාධිපතිතුමා ඇය ඇගයීමට ලක් කළේය.

    බෝමිරිය කිංස්ලී ටී වික්‍රමරත්න ක්‍රීඩාංගණයේ සහ අපේක්ෂක මහේෂ් අල්මේදා මහතා හංවැල්ල නව පොළ පරිශ්‍රයේ සංවිධාන කර තිබූ ජන හමුවලට ද ජනාධිපතිතුමා සහභාගී විය.

    කොස්ගම ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ සංවිධාන කර තිබූ ජන හමුවේ දී ජනාධිපතිතුමා මහත් හරසරින් පිළිගනු ලැබීය. මාළඹේ හොරයිසන් ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබන සොනාලි දහම්සා දැරිය සහ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ චන්දන චමත් රුද්‍රිගෝ පුතණුවන් තම මුදල් කැට කොවිඩි අරමුදල වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූහ.

    ව්‍යාපාරික ධනුෂ්ක විතානගේ මහතා ද කොවිඩි අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
    රටට වැඩ කිරීමට 2/3ක බලයක් සහිත පාර්ලිමේන්තුවක් ලබාදෙන ලෙස ජනාධිපතිතුමා ජනතාවගෙන් ඉල්ලා සිටියේය. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවිස්සාවේල්ල නගර සභාව ඉදිරිපිට සංවිධාන කර තිබූ ජන හමුවේදී ජනතාව සමග සුහද කතා බහක නිරත වෙමින් ජනාධිපතිතුමා මේ ඉල්ලීම සිදු කළේය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya