අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරට කෘෂි කර්මාන්තයට හොඳ කලක් උදාකිරීම වෙනුවෙන් අවශ්‍ය සියලු පියවර - අග්‍රාමාත්‍ය Featured

    ජූලි 24, 2020

    මෙරට කෘෂි කර්මාන්තයට හොඳ කලක් උදාකිරීම වෙනුවෙන් අවශ්‍ය සියලු පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.


    අම්පාර, සමන්තුරෙයි නගරයේ පැවති හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය

    මෙහිදී අඳහස් පල කළ  අග්‍රාමාත්‍යවරයා, කෘෂි නිෂ්පාදන සඳහා ඉහළ මිලක් ලබාදීම රජයේ අරමුණ බව ද පෙන්වා දුන්නේ ය.

    රුපියල් 50ක සහතික වී මිලක් රජය විසින් ලබා දීම නිසා මේ වන විට පෞද්ගලික අංශය රුපියල් 55 ක මුදලකට වී මිලදී ගැනීමට කටයුතු කර තිබේ. ඒ හා සමගාමීව අනෙකුත් කෘෂි නිෂ්පාදන සඳහා ද හොඳ මිලක් ලබාදීම රජයේ අරමුණයි.
    මීට අමතරව අධ්‍යාපන අංශය වැඩි දියුණු කර ශක්තිමත් කිරීමටත් ගොඩනැගිලි, විද්‍යාගාර, ගුරුවරුන් ලබාදීම ඇතුළු අනිකුත් සියලුම අධ්‍යාපන පහසුකම් සැලසීම රජයේ පුමුඛ වගකීමක් බැවින්, එය නොපිරිහෙලා ඉටුකරන බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya