අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා නාවික හමුදා වැලිසර කඳවුර හුදකලා කඳවුරක් කර සියල්ල නිරෝධායනයට - හෙටත් පී.සී.ආර්. පරීක්ෂණ Featured

    අප්‍රේල් 24, 2020

    ශ්‍රී ලංකා නාවික හමුදා වැලිසර කඳවුරේ මේ වනවිට 60 දෙනෙකු කොවිඩ් 19 ආසාදනය වී ඇති බව ද නාවික හමුදා කඳවුර සම්පූර්ණයෙන් හුදකලා කඳවුරක් බවට පත් කර සියලු අය  නිරෝධායනයට කටයුතු සිදු කර තිබෙන බව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (24) මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ ය.

    තවදුරටත් කරුණු දැක්වූ යුදහමුදාපතිවරයා;

     

    ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැලිසර කඳවුරේ දී මීට ප්‍රථම දිනක ආසාදනයට ලක් වූ සෙබලා ආසාදනය වීමෙන් අනතුරුව පී.සී.ආර්. පරීක්ෂණ විශාල ප්‍රමාණයක් නාවික හමුදා කඳවුර හුදකලා  කිරීමෙන් අනතුරුව ඊයේ (23) දිනයේ ආසදනය වූ පුද්ගලයා ඇතුළුව 30ක් ආසාදනය වී ඇති බවට තහවුරු කරනු ලැබුවා.

     විශාල පරීක්ෂණ ප්‍රමානයක් අද (24) දිනත් සිදු කරනු ලැබුවා. හෙට (25) දින ද සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊයේ සහ අද සිදු කළ පරීක්ෂණවලට අනුව තවත් 30ක් ආසාදනය වී අති  බවට තහවුරු වෙනවා.

    මේ වනවිට ශ්‍රී ලංකා නාවික හමුදා වැලිසර කඳවුරේ 60 දෙනෙකු කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. නාවික හමුදා කඳවුර සම්පූර්ණයෙන් හුදකලා කඳවුරක් බවට පත් කරලා, කඳවුරේ සියලු අය නිරෝධායනයට ලක් කරමින් ඉදිරි කටයුතු සිදු කරමින් පවතිනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya