අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිරෝධානය වූ පුද්ගලයින් 163 ක් අද මුද හැරේ- නිරෝධායන මධ්‍යස්ථාන 46 ක 3,086 දෙනකු නිරෝධායනයට

    මාර්තු 26, 2020

    නිරෝධායන මධ්‍යස්ථාන වලින් පුද්ගලයින් 144 දෙනකු නිරෝධායන ක්‍රියාවලිය අවසානයේ මුදා හැරීමට කටයුතු කළ බව යුද්ධ හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා (25) ප්‍රකාශ කර සිටියේය.

     

    ඒ මහතා මේ බව කියා සිටියේ ) COVID - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

    සෞඛ්‍ය අංශ වල උපදෙස් අනුව එම පිරිසට මෙසේ නිවෙස් කර යාමට කටයුතු කළ බවත්, මෙසේ නිරෝධායන මධ්‍යස්ථාන 46 ක 3,086 දෙනකු නිරෝධායනයට ලක් වන බවත්, අද (26) දිනයේ දී ද දින 14 අවසන් වූ බවට හඳුනාගත් පුද්ගලයින් 163 දෙනකු මුදවා හැරීමට කටයුතු සම්පාදනය කර ඇති බවත් එහි දී යුධ හමුදාපතිවරයා නිවේදනය කර සිටියේය.


    මාර්තු 01 සිට මාර්තු 15 දක්වා පැමිණි කණ්ඩායම් අතුරින් සහ මෙසේ ආසාදනයට ලක් වූ අය මඟින් හඳුනාගත් ජනතාව අතරින් 20,000 ට ආසන්න පිරිසක් සිටින බවත්, නමුත් 25 දිනයේ සිට මාර්තු 05 වන දා දක්වා කණ්ඩායම් මිට ඇතුළත් නොවිය හැකි නමුත් කෙසේවුවත් 7,500 ට වැඩි පිරිසක් මෙම කණ්ඩායම් අතුරින් මෙම අවස්ථාවේ දී වැදගත් වන කණ්ඩායමක් ලෙස තෝරාගෙන තවදුරටත් ස්වයං නිරෝධායනයට කටයුතු කරවනු ලබන බව ද ප්‍රකාශ කර සිටියේය. එහෙත්, තවදුරටත් නිවෙස් වලට වී ශාරීරික දුරස්ථභාවය රඳවා තබා ගැනීමට කටයුතු කරන ලෙස ද යුධ හමුදාපතිවරයා විසින් ජනතාවට දැනුම් දී සිටි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya