අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින පුරා දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ඉවත් කිරිම සහ නැවත පැනවීම සම්බන්ධ නිවේදනය Featured

    මාර්තු 25, 2020

    ඇඳිරි නීතිය පිළිබඳ නිවේදනය.

    දිවයින පුරා දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ඉවත් කිරිම සහ නැවත පැනවීම පහත පරිදි සිදු කෙරේ.

    1- කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරු බලපැවැත් වේ.

    2- පුත්තලම, වව්නියාව, මන්නාරම, කිලිනොච්චි, මුලතිව් සහ යාපනය දිස්‍ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නිතිය මාර්තු 27 සිකුරාදා පෙ.ව 6.00ට ඉවත් කෙරෙන අතර, එදිනම දහවල් 12.00ට නැවත පනවනු ලැබේ.

    3- සෙසු දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නිතිය හෙට (26) බ්‍රහස්පතින්දා පෙ.ව 6.00ට ඉවත් කෙරෙන අතර, එදිනම දහවල් 12.00ට නැවත පනවනු ලැබේ.

    දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන් ම තහනම් කර ඇත. එසේම විදේශීය සංචාරකයන් තැනින් තැනට ගෙන යාම ද සම්පූර්ණයෙන් තහනම් වෙයි.

    ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ කවර දිස්ත්‍රික්කයක වුව ද ගොවිතැන් වැඩ කරන සහ කුඩා තේ වතු හා අපනයන බෝග නිෂ්පාදන ක්‍රියාවලියෙහි නිරත ජනතාවට එකී වැඩ කිරීමට අවසර ඇත. මාධ්‍ය සේවා සඳහා මෙන්ම සහල් ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හා එළවළු ප්‍රවාහනයට ඉඩ දෙනු ලැබේ. ගුවන් මගීන් සඳහා ගුවන් තොටුපළ හා වරාය සේවා පවත්වාගෙන යාමට ද අවසර ඇත.
    කෘෂිකර්ම සහ වෙළෙඳ විෂයය භාර අමාත්‍යවරයා මේ කාර්යයන් විධිමත් ව පාලනය කළ යුතු බව රජය දැනුම් දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya