අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    INNOTECH 2020 ජාතික ප්‍රදර්ශනය ආරම්භ වෙයි

    මාර්තු 11, 2020

    වසරේ දැවැන්තම තාක්ෂණ හා නවෝත්පාදන ජාතික ප්‍රදර්ශනය INNOTECH 2020 ජාතික් ප්‍රදර්ශනය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ උසස් අධ්‍යාපන අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතින් අද (11) උදෑසන විවෘත විය.

    අධ්‍යාපන අමාත්‍යංශය ,උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය සහ එම අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක රාජ්‍ය පර්යේෂණ ආයතන, විශ්වවිද්‍යාල සහ පෞද්ගලික අංශයේ සහයෝගීතාවෙන් සංවිධාන කරන . මෙම ප්‍රදර්ශනය අද සිට මාර්තු මස 14 වැනි දින දක්වා හෝමාගම, පිටිපන අධි තාක්ෂණ හා නවෝත්පාදන නගර පරිශ්‍රයේ දී පැවැත්වේ.

    සමාජයේ සියලු ස්ථරයන්හි විද්‍යා හා තාක්ෂණ සාක්‍ෂරතාව ප්‍රවර්ධනය කරවීමත්, අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය පර්යේෂණ ආයතනයන්හි සහ විශ්වවිද්‍යාලන්හි පර්යේෂණ හා සංවර්ධන අංශවල පර්යේෂණ හරහා බිහිවන නව දැනුම සහ සොයාගැනීම් ප්‍රදර්ශනය කිරීමත් යන ප්‍රමුඛ පරමාර්ථ මුල් කරගෙන, “ INNOTECH 2020” ප්‍රදර්ශනය පැවැත්වේ.

     

    ශ්‍රී ලංකා නිනිති තාක්ෂණ ආයතනය, NSBM හරිත සරසවිය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨය, මහින්ද රාජපක්ෂ ජාතික පාසල සහ මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව යන පරිශ්‍රවල දී පැවැත්වෙන ප්‍රදර්ශනය, අධ්‍යාපනික කලාපය, නවෝත්පාදන කලාපය සහ පර්යේෂණ හා සංවර්ධන කලාපය ලෙස ප්‍රධාන කලාප තුනකින් සමන්විත වේ.

     

    පර්යේෂණ ආයතන සහ විශ්වවිද්‍යාලයන්හි පර්යේෂණවල ප්‍රතිඵල ලෙස බිහි වූ නිෂ්පාදන, මුලාකෘති සහ නව නිපැයුම්, ස්වාධීන නව නිපයුම් කරුවන්ගේ නව නිපැයුම්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නව නිපැයුම් සහ ප්‍රදර්ශන භාණ්ඩ, අධ්‍යාපනික විනෝදාස්වාදාත්මක ක්‍රියාකාරකම් (ගණිත විද්‍යාගාරය, අධ්‍යාපනික ක්‍රිඩා ආදිය), නවීන සහ නැගී එන තාක්ෂණයන් පිළිබඳ දැනුම, නිර්මාණ සහ ප්‍රදර්ශනාත්මක ක්‍රියාකාරකම් (සුර්ය බල ශක්ති භාවිතය, 5G & IOT, ස්නායු තාක්ෂණය, ඩ්‍රෝන යන්ත්‍ර භාවිතය ආදිය) ජංගම ග්‍රහලෝකාගාරය, රාත්‍රි අහස නිරීක්ෂණ කඳවුරු, ජල රොකට් ප්‍රදර්ශනය, NSBM ශිෂ්‍යයින්ගේ ප්‍රදර්ශන භාණ්ඩ, STEM සහ වෙනත් අදාළ ක්ෂේත්‍රයන් පිළිබඳ දැනුම වර්ධනය සඳහා දැනුවත් කිරීමේ උපාංග රැසක මෙම ප්‍රදර්ශනයට ඇතුළත්ය.

     

    අද පෙරවරුවේ සිට පාසල් සිසුන් රැසක් ප්‍රදර්ශනය නැරඹීමට එක්ව සිටින අයුරු දැක ගතහැකි වූ අතර ප්‍රදර්ශනය උදෑසන 9.00 සිට ප.ව.10.00 දක්වා විවෘතව තැබෙන අතර, ඇතුළත් වීමට කිසිදු මුදලක් අය නොකෙරේ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya