අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යථාර්ථයක් බවට පත්වෙන්නේ සිනමා ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය සංරක්ෂණාගාරයක් Featured

    අප්‍රේල් 03, 2014

    සිනමා ක්ෂේත්‍රයට වසර ගණනාවක සිට අත්‍යවශ්‍යව තිබූ සංරක්ෂණාගාරයක අවශ්‍යතාව යථාර්ථයක් බවට පත්වන බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (03) ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභගීවෙමිනි.

    චිත්‍රපට සංරක්ෂණාගාරයක පැවැති අවශ්‍යතාව සම්බන්ධයෙන් නොයෙක් නොයෙක් අවස්ථාවන්හිදී පෙන්වාදුන් නමුත් එය යථාර්ථයක් නොවූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 95 වැනි ඡන්ම දිනයේ දී මෙම වැඩපිළිවෙළ යථාර්තයක් බවට පත්කිරීමට ලැබීම සතුටට කරුණයක් බව පෙන්වා දුන්නේය.


    1983 ජූලි කලබල හේතුවෙන් සිංහල චිත්‍රපට විශාල ප්‍රමාණයක් විනාශයට පත් වූ බව සඳහන් කළ අමාත්‍යවරයා සංරක්ෂණාගාරයක් සඳහා අවශ්‍ය පහසුකම් ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශය යටතේ ඇති ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු මඟින් ලබාදීමට කටයුතු කළ බවත් සඳහන් කළේය.

    ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු පනතේ 48 වැනි වගන්තිය අනූව සේයා පටි, පටිගත කරන ලද වෙනයම් දෙයක් සංරක්ෂණය කිරීමේ නෛතික බලය ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත හිමි වී ඇති බවත් 2009 වසරේ දී ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ලබා දුන් නව ගොඩනැගිල්ලේ ශ්‍රව්‍ය දෘෂ්‍ය ලේඛන සංරක්ෂණය කොට තැම්පත් කිරීම සඳහා කොටසක් වෙන් කළ බවත් ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ජගත් බාලසූරිය මහතා මෙහිදී පැවසීය.

    මෙම ගොඩනැගිල්ල තවත් වසර 25ක් සඳහා ප්‍රමාණවත් බව පෙන්වා දුන් ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යවරයා චිත්‍රපට පමණක් නොව රූපවාහිනි හා ශබ්ද පට පවා සංරක්ෂණය කිරීමට බලාපොරොත්තු වන බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    මේ සඳහා ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරුන් වන මාලනී ෆොන්සේකා, ඒ.එච්.එම්. අස්වර්, අමාත්‍යාංශ ලේකම් චරිත හේරත්, ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති අශෝක සේරසිංහ, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සරෝජා වෙත්තසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගි වී සිටියහ.


    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya