අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ

    අප්‍රේල් 03, 2014

    2013 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට පාසල් වෙත නිකුත් කිරීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පවසයි.


    විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවිය හරහා අදාළ ප්‍රතිඵල දැනගත හැකි වේ.

    කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර හා හෝමාගම කලාපවලට අයත් පාසල්වල ප්‍රතිඵල ලේඛන අද (03) මධ්‍යහ්න 12.00න් පසු විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන ශාඛාවෙන් අදාළ පාසල් විදුහල්පතිවරුන් වෙත නිකුත් කරනු ඇත. අනෙකුත් සියලුම පාසල් වෙත ප්‍රතිඵල ලේඛන තැපැල් කෙරෙන බවත් සියලුම පෞද්ගලික අයදුම්කරුවන් සඳහා ප්‍රතිඵල ඉදිරියේදී තැපැල් මඟින් ලැබීමට සලස්වන බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

    කිසියම් අපේක්ෂකයෙකු ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් කරන්නේ නම් අප්‍රේල් 25 දිනට පෙර අයදුම්පත් විභාග දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතුයි. පාසල් අයදුම්කරුවන් සඳහා වන නැවත සමීක්ෂණ අයදුම්පත්‍ර, ප්‍රතිඵල ලේඛනත් සමඟ පාසලේ  විදුහල්පතිවරුන් වෙත යවන අතර පෞද්ගලික අයදුම්කරුවන් ලබන 07 දින ජාතික පුවත්පත්වල පළකරනු ලබන දැන්වීම් අනුව නැවත සමීක්ෂණ අයදුම්පත්‍ර සම්පූර්ණ කර එවිය යුතුයි.

    පසුගිය වසරේ දෙසැම්බර් මස පැවති මේ විභාගය සඳහා අයදුම්කරුවන් 474483 දෙනෙකු පෙනී සිටි අතර ඉන් 384,056 දෙනෙක් පාසල් අයදුම්කරුවෝ වෙති.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya