මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම ගැන හිතන්න පළාත් සභා ඡන්දයෙන් ශක්තියක් දුන්නා Featured

    අප්‍රේල් 03, 2014

    අපේ රජයේ පදනම ගම මුල්කරගත්තක් බව අමතක කළ නොහැකි බවත් රජයක් ලෙස මේ පිළිබඳ ව හොඳ අවබෝධයක් ඇති බවත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා සඳහන් කරයි.


    මෙවර බස්නාහිර, දකුණු පළාත් සභා ඡන්දවලදී ගමේ ජනතාව රජය වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටු කළ බව පෙන්වා දෙන ඒ මහතා කෙසේ වුවත් මේ ජනවරම අපේ රජයට පැවරුණු විශාල වගකීමක් ලෙසින් ඒ දෙස බැලිය යුතු බවත් මේ නිසා ඉදිරියේදී ගම පිළිබඳව මීට වැඩිය හිතන්න අපේ රජය සූදානම් බවත් ප්‍රකාශ කළේය.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගිය දින රත්නපුර, උතුරු ගිලීමලේ නව සේවා පියස කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

    රුපියල් ලක්ෂ විස්සක පමණ වියදමින් ඉදිකරන ලද මේ සේවා පියස ගොඩනැගිල්ල තුළ ග්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරී, ‍පවුල් සෞඛ්‍ය නිලධාරී, කෘෂි පර්යේෂණ නිලධාරී සහ සමෘද්ධි සංවර්ධන නිලධාරී කාර්යාල ස්ථාපිත කිරීමට නියමිතය. මේ මඟින් ග්‍රාමීය ජනතාවට සිය සේවා ලබාගැනීමේදී පැවති බාධා රාශියකට විසඳුම් ලබාදීමට හැකියාව ලැබී ඇත.

    "සේවා පියස ඇති කිරීමේ මූලික අරමුණ වන්නේ ගමට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් සියල්ලෝම එකම වහලක් යටට ගෙනවිත් ජනතාවට ලබාදෙන සේවාව වඩාත් විධිමත් කිරීමයි. මෙච්චර කාලයක් මේ නිලධාරීන් එක එක තැන්වල ඉඳලා තමන්ගේ සේවාව ලබාදුන්නේ. ගුණාත්මක සේවාවක් ලබාදීමේදී ඒ නිසා ගැටළු මතු කරනවා. අන්න ඒ ගැටළු හඳුනාගෙන රජයක් විදිහට අප මේ අයව පොදු තැනකට ගෙනල්ලා ලබාදෙන සේවාව වඩාත් විධිමත් කරන්නට මෙවැනි ව්‍යාපෘතියක් දියත්කරන්නේ" යැයි ද අමාත්‍යවරයා කීය.

    මෙම වැඩසටහන ආරම්භයේදී රජය එක් සේවා පියසක් සඳහා රුපියල් ලක්ෂ පහක පමණ මුදලක් වෙන් කළ බව සඳහන් කළ අමාත්‍යවරයා මෙම වැඩසටහන ලබාගෙන තිබෙන ප්‍රගතිය නිසාවෙන් අද වන විට රුපියල් ලක්ෂ හත හමාරක මුදලක් එක් ගොඩනැගිල්ලකට වෙන් කිරීමට රජය පියවර ගෙන තිබෙන බවත් පෙන්වා දුන්නේය.

    "අපේ ඉලක්කය ග්‍රාම නිලධාරි වසම් 14,022 තුළම මේ සේවා පියස කාර්යාල ආරම්භ කරන්න. එයින් අපට පුළුවන් වෙනවා කාලය ඉතුරු කරගනිමින් ජනතාවගේ ප්‍රශ්න වඩාත් කාර්යක්ෂමව ගම තුළදීම විසඳන්න.” යැයි සෙනෙවිරත්න මහතා පැවසීය.

    මේ අවස්ථාවට සමගාමීව උතුරු ගිලිමලේ ග්‍රාම නිලධාරි වසමේ පදිංචි අනවසර පවුල් 200ට ඉඩම් බලපත්‍ර ප්‍රදානය ද අමාත්‍යතුමන් අතින් සිදුවිය.

    මෙම අවස්ථාවට පළාත් සභා මන්ත්‍රි ප්‍රභාත් මහේෂ් ද අල්විස් මහතා ඇතුළු පළාත් පාලන නියෝජිතයෙන් ඇතුළු විශාල පිරිසක් සහභගී වූහ.

    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya