අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චිත්‍රපට සංරක්ෂණයට නෛතික බලයක් නෑ Featured

    අප්‍රේල් 03, 2014
    චිත්‍රපට සංරක්ෂණ කටයුතු කිරීම සඳහා ජාතික චිත්‍රපට සංස්ථා පනත අනුව චිත්‍රපට සංස්ථාවට නෛතික බලයක් හිමි වී නොමැති බවත් එහි බලය ඇත්තේ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට පමණක් බවත් ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති නිතීඥ අශෝක සේරසිංහ මහතා පැවසීය.
     
    මේ වන විට ජාතික චිත්‍රපට සංස්ථාව විසින් පැරණි චිත්‍රපට 210ක් සංරක්ෂණය කොට ඇති බවත් ඒ අතර ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ චිත්‍රපට 13ක්, සුමිත්‍රා පීරිස් මහත්මියගේ චිත්‍රපට 05ක් වන බවත් සභාපතිවරයා පැවසීය.
     
    අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි චිත්‍රපට සංරක්ෂණය කිරීමේ කටයුතු 2011 වසරේ දී ආරම්භ කළ බව පෙන්වා දුන් ඒ මහතා මහින්ද චින්තන ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීමත් සමඟ ම මේ කටයුතු සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දුන් බවත් පෙන්වා දුන්නේය. 
     
    ප්‍රථම වරට 2013 වසරේ දී ආර්ද්‍රතාව පාලනය කිරීමේ ක්‍රමය භාවිත කරමින් චිත්‍රපට සංරක්ෂණය කොට ගබඩා කිරීම සඳහා කුටි දෙකක් ඉදිකළ බවත් එම ඉදිකිරීම් කටයුතු ලෝක සිනමා පදනමේ ඇගයුමට පවා ලක්වූ බවත් ප්‍රකාශ කළ සේරසිංහ මහතා ලංකාවේ පැරණි චිත්‍රපටවල මුල් පිටපත් වෙනත් රටවල කෞතුකාගාරයන්හි ඇති බවත් එම පිටපත් නැවත ලබාගැනීමට ඒ රටවල් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ප්‍රකාශ කළේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya