අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරෝනා වෛරසය ආසදනය වූ චීන ජාතික කාන්තාවක් හමු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තහවුරු කරයි

    ජනවාරි 27, 2020

    කොරෝනා වෛරසය ආසදනය වූ චීන ජාතික කාන්තාවක් හමු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කරයි.

    කොරෝනා වෛරසය ආසදනයට ලක් වූ චීන ජාතික කාන්තාවක් හමුවීමෙන් අනතුරුව ඒ සම්බන්ධව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ,මෙහි ජානමය ස්වරූපය පරික්ෂා කිරීම සඳහා සාම්පලයක් විදේශගත කිරීමට කටයුතු කරන බවයි.

    කොළඹ වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ පරික්ෂාවන්ට අනුව මෙම රෝගියා හඳුනාගෙන තිබේ.මෙරට සංචාරය කිරීමෙන් අනතුරුව චීනය බලා යැමට ප්‍රථම ඇයගේ උණ රෝගය පරික්ෂා කිරීමෙන් පසු මෙම ආසාදන තත්ත්වය හඳුනාගැනීමට හැකිව තිබේ.

    කෙසේ වෙතත් මෙම කාන්තාව නවාතැන් ගෙන තිබූ හෝටල් පිළිබඳව තොරතුරු ලබී ඇති බවත් එම හෝටල් පරික්ෂ කර අවශ්‍ය උපදෙස් ලබාදීමට සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩල කටයුතු කරන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya