අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිරු දෙවියන් පිදෙන තෛපොන්ගල් දිනය අද Featured

    ජනවාරි 15, 2020

    "අස්වැන්න නෙලීමේ උත්සවය" යන අරුත් දෙන තෛපොංගල් උත්සවය ලොව වැසි සියලූම හින්දු ජනයා විසින් අද (15) සමරනු ලබයි.

    පොංගල් යන දමිළ වචනයේ අදහස වන්නේ "උතුරා යාම නැතිනම් පිටාර ගැලීමයි". මැටි කළයක කිරි උතුරා යාමට සැලැස්වීම අනාගත සෞභාග්‍යයේ සළකුණක් ලෙස හින්දු ජනතාව සලකයි. හින්දු භක්තිකයන් තම පළමු අස්වැන්න සූර්යයාට පුජා කිරීම මෙම සුර්ය මංගල දිනයේ දී සිදු කරනු ලැබේ.

    වසර 2000කට වඩා පැරණි මෙම උත්සවය සෞභාගය සහ ස්තුති කිරීම හා බැදී පවතී. මෙහිදී තම අස්වැන්න සරු විමට උපකර කළ වර්ෂාව, සූර්යයා හා ගොවි සතුන්ට ස්තූති කිරීම සඳහා මෙම උත්සවය පවත්වනු ලැබේ.
    මෙම උත්සවයේ මුලාරම්භය සිදුවුයේ තමිල්නාඩුවේය. 'තායි පිරන්ඩල් වාලි පිරක්කුම්' නැමැති දමිල කියමන මෙම උතසව කාලයේ බෙහෙවින් උපුටා දක්වනු ඇත. මෙහි තේරුම වනුයේ "තායි මාසයේ නව උපත මහඟු අවස්ථා සඳහා මග පාදනු ඇත" යන්නයි.
    පොංගල් උත්සවය සමරනු ලබන්නේ ග්රෙපගොරියන් කැලැන්ඩරයට අනුවයි. තෛපොංගල් උත්සවය මාර්ඝාසි නම් වු දමිල මාසයේ අවසාන දිනයේ සිට (දෙසැම්බර් - ජනවාරි ) දින සතරක් පුරාවට, තායි මාසයේ තුන්වැනි දිනය දක්වා (ජනවාරි - පෙබරවාරි ) සමරනු ලබයි.
    'භෝඝි' ලෙස හදුන්වන උත්සවයේ පළමු දින, ජනතාව තමන් පාවිච්චි කරන ලද පැරනි වස්ත්‍ර හා රෙදිපිළි පුළුස්සා පැරණි වසරේ අවසානය සනිටුහන් කිරීමත් සමගින්ම නව තායි වසර පිළිගැනීම ද සමරනු ලබයි. පොංගල් යනුවෙන් හැදින්වෙන දෙවන දින මෙම සැමරුමේ ප්‍රධාන දිනය වන අතර මෙදින සමරනු ලබනුයේ අලුත් මුට්ටියක බත්, හකුරු හා නැවුම් එළකිරි උතුරා පිසගෙන එම ආහාර සහ පළතුරු රසකැවිලි ආදියෙන් හිරු දෙවියන් පිදීමෙනි.
    පොංගල් උත්සවය දින 3-4ක් පුරා පැවැත්වෙන අතර, තෛපොංගල් උත්සවය තමිල්නාඩුවේ සමරන උත්සව අතරින් විශේෂ ස්ථානයක් ගනී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya