අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය දැව සංස්ථාවේ 46 වන අභිමානවත් සංවත්සරය

    අප්‍රේල් 02, 2014

    1957 අංක 49 දරන රාජ්‍ය කාර්මික සංස්ථා පනත යටතේ 1968 අප්‍රේල් මස 04වන දින පිහිටවනු ලැබූ රාජ්‍ය දැව සංස්ථාව මේ මස (04) වන දින 46 වන සංවත්සරය සමරනු ලැබේ.


    46 වන සංවත්සරය සැමරීම සඳහා රාජ්‍ය දැව සංස්ථාව විසින් දෙදිනක වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇත. ඒ අනුව  හෙට (03)  දින ලේ දන් දීමේ වැඩසටහනක් පෙරවරු 9.00 සිට බත්තරමුල්ල සම්පත්පාය පරිශ්‍රයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

     

    එදින පස්වරු 3.00ට කෝට්ටේ පැරකුම්බා පිරිවෙන් විහාරස්ථානයේදී බෝධි පූජා පින්කමක් සහ සර්ව රාත්‍රික පිරිත් දේශනයක් පැවැත්වේ.පසුදින එනම් (04) වන දින උදෑසන භික්ෂූන් වහන්සේ 46 නමක් වෙනුවෙන් දක්ෂිණාව පිරිනැමේ. එදින පෙරවරු 8.30ට වසර 30කට වැඩි කාලයක් රාජ්‍ය දැව සංස්ථාවේ සේවය කළ විශ්‍රාමික සේවක මහත්ම මහත්මීන් වෙනුවෙන් රන් පවුම් ප්‍රදානය හා 2013 වර්ෂයේ විශිෂ්ටතා සම්මාන හා සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ සම්පත්පාය පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

     

    මීට අමතරව මෙම උත්සවය සඳහා පරිසර හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල් කාදර් මහතා, පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් බී.එම්.යූ.ඩී. බස්නායක මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.මෙම වැඩසටහන් මාලාවට සමඟාමීව දිවයින පුරා රාජ්‍ය දැව සංස්ථා ප්‍රාදේශිකයන්හි සංවත්සර සැමරුම් හා ආගමික වැඩසටහන් ද සංවිධානය කර තිබේ.

    රාජ්‍ය දැව සංස්ථාව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ කාර්යයන් ඉටු කිරීමේ ව්‍යාපාරික හස්තය ලෙසින් ආරම්භ කරනු ලැබිණි. ආරම්භයේදී ස්වභාවික වනාන්තර ආශ්‍රිත දැව හා දැවමය නිෂ්පාදන තුළින් ගමන් ඇරඹුවත් 1995දී වාණිජමය වන වගා හෙලීම් ක්ෂේත්‍රයට රාජ්‍ය දැව සංස්ථාව ප්‍රවිෂ්ට වේ. ගෘහ භාණ්ඩ ක්ෂේත්‍රයෙන් ඔබ්බට ගොස් දැව කඳන්, ඉරූ දැව, සිල්පර, විදුලි කණු, අලි වැට ආදී පුළුල් වපසරියකින් යුත් නිෂ්පාදන රැසක් සපයනු ලැබේ.


    එසේම දිවයින පුරා ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි උසාවි මඟින් රාජසන්තක කරනු ලබන දැව, ගබඩාවලට ප්‍රවාහනය කර සුරක්ෂිතව තබා ගැනීමේ වගකීම ද රාජ්‍ය දැව සංස්ථාව සතු වෙයි. රාජ්‍ය ආයතන, අදාළ ප්‍රදේශීය ලේකම්වරුන් මඟින් හා උසාවි, අධිකරණ මඟින් පවරනු ලබන දැව බැහැරකරලීම් හා  දිවයිනේ සියලු ම පාසල් භූමි තුළ ඇති අනතුරුදායක ගස් කපා ඉවත් කිරීමද රාජ්‍ය දැව සංස්ථාව මඟින් සිදු කරනු ලබයි. සාර්ථක රාජ්‍ය ව්‍යවසායක් ලෙස රාජ්‍ය දැව සංස්ථාව පසුගිය වසර 9ක කාලය තුළ ජාතික ආර්ථිකයට රුපියල් මිලියන 12,706ක පමණ දායකත්වයක් ලබා දී ඇත.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya