අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලොන්නරුවේ අලුත් සහල් මංගල්‍යය ලබන 06දා

    අප්‍රේල් 03, 2014

    පුලතිසිපුර ගොවි ජනතාව විසින් මෙවර මහ කන්නයේ නෙළාගත් අස්වැන්නේ අග්‍ර කොටස බුදුන් වහන්සේ උදෙසා පූජාකිරීමේ අලුත් සහල් මංගල්‍යය ලබන 06 දින ඓතිහාසික ගල්විහාර පුදබිමේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.


    අප්‍රේල් 05 දින සවස ගල්විහාරය අභියස පැවැත්වෙන පහන් පූජාවෙන් මෙහි ආගමික වතාවත් ආරම්භ කෙරේ. පසුදින හිමිදිරියේ පරාක්‍රම සමුද්‍රයේ වැව් තාවුල්ලේදී ගණ දෙවි දේවාලයේ කිරි ඉතිරවීමේ සම්ප්‍රදායික කටයුතුවලින් පසු පෙරවරු 8.00ට පොලොන්නරුව කිරිවෙහෙර අභියසින් ඇරඹෙන අලුත් සහල් පෙරහර ගල්විහාර පුදබිමට පැමිණ බුද්ධ පූජාව පැවැත්වීමෙන් අවසන් වේ.

    පොලොන්නරුව සොළොස්මස්ථානාධිපති වෙඩරුවේ උපාලි නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ උත්සවයේ කටයුතු සිදු කිරීමට නියමිතයි. පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතාගේ සංවිධායක දායකත්වයෙන් පැවැත්වෙන මේ අවස්ථාවට රාජ්‍ය නිලධාරීන් හා ගොවි ජනතාව ඇතුළු විශාල පිරිසක් එක්වීමට නියමිත බව පොලොන්නරුව අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පැවසීය.


    NDH/WK-BG-dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya