අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුසලතාව මත ඉදිරියට යන සම්ප්‍රදායක් මේ රටේ නැහැ Featured

    අප්‍රේල් 02, 2014

    කුසලතාව මත නිලධාරීන් ඇගයීමට ලක්කොට උසස්වීම් ලබාදීමේදී ඒවා සැලකිල්ලට ගැනීමේ සම්ප්‍රදායක් මේ රටේ ක්‍රියාත්මක නොවන බවත් එය මේ රටේ ඉදිරි ගමනට තිබෙන විශාල ම බාධාවක් බවත් අමාත්‍ය චම්පික රණවක මහතා පවසයි.


    තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයටත්, අනුබද්ධ ආයතන 14 හිත් අධ්‍යක්ෂ ජනරාල්, ප්‍රධාන විධායක නිලධාරීන්, අධ්‍යක්ෂකවරුන් සහ අංශ ප්‍රධානීන් කළමනාකරණ විධික්‍රම ආශ්‍රයෙන් ඇගයීමට ලක්කිරීමක් පසුගියදා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය මඟින් ඊයේ (01) රාත්‍රියේ පදනම් ආයතන පරිශ්‍රයේදී සිදුකෙරිණි. එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.


    මෙහිදී විශිෂ්ටතම ආයතන ප්‍රධානියා බවට සුදුසුකම් ලැබූයේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ලලිත් සෙනෙවීර මහතායි.


    අචාර්ය ලලිත් සෙනෙවීර මහතාගේ කැපවීම සහ කුසලතා සම්බන්ධයෙන් ඇගයීමට ලක්කළ අමාත්‍ය චම්පික රණවක මහතා රටේ සෑම රාජ්‍ය නිලධාරීයෙක්ම, රාජ්‍ය ආයතනයක්ම සහ සෑම අමාත්‍යාංශයක්ම ඇගයීමට ලක්කල හැකි විධිමත් යාන්ත්‍රණයක් අත්‍යවශ්‍ය බව පෙන්වා දුන්නේය. එවන් ක්‍රමවේදයක් අමාත්‍යවරුන්ටත් පැවතීම වැරැද්දක් නොවන බව පැවසූ ඔහු ඕනෑම දෙයක ආරම්භයේදී විරෝධයක් පැවතීම දැන් රටේ සාමාන්‍ය තත්ත්වයක් බවත් එයට ප්‍රතිරෝධීව විනිවිද දැකිය හැකි, පිළිගත හැකි කළමනාකරණ සිද්ධාන්තවලට අනුව ඒවා මෙහෙයවිය යුතු බවත් සඳහන් කළේය.


    අපේ රටේ ආයතන සම්බන්ධයෙන් ස්වාධීන, විධිමත් ඇගයීමක් කරන්නේ නම් එය රටට හුඟාක් ප්‍රයෝජනවත් වේ. වයසට යන විට උසස්වීම් නොදී වසරින් වසර අයවැයෙන් වැඩිවන පඩි වැඩිවීමට යටත් නොවී, දක්ෂතාව, කුසලතාව සහ සුදුසුකම මත ඒවා සිදුකළ යුතුබව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. ඒ අනුව ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් සෑම ක්ෂේත්‍රයකම විශිෂ්ට ප්‍රතිඵල අපට ලබාගත හැකිය. සෑම ආයතනයකම සිටින සේවකයන්ගේ ක්‍රීඩා කුසලතාව, කලා කුසලතාව හඳුනාගෙන ඔවුන්ව දිරිගන්වන සුළු වැඩපිළිවෙළක් ආයතනික මට්ටමින් හෝ ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් බව චම්පික රණවක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya