අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ ඡන්ද ගණන් කිරීමේ රාජකාරියේ යෙදුණු ගුරුවරුන් වෙනුවෙන් නිවාඩු ලබාදෙන ලෙස මැතිවරණ කොමසාරිස්ගෙන් ඉල්ලීමක්

    අප්‍රේල් 02, 2014

    පසුගියදා පැවැත්වූ බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීමේ රාජකාරී කටයුතු අවසන් වූයේ මාර්තු 30 දින සවසයි. එම රාජකාරියේ නිරත වූ ගුරුවරුන් අතරින් මාර්තු 31 දින රාජකාරියට නොපැමිණි ගුරුවරුන් සඳහා රාජකාරී නිවාඩු ලබාදීමටත් එදින රාජකාරියට වාර්තා කළ ගුරුවරුන්ට ඒ වෙනුවෙන් හිලව් නිවාඩු ලබා දෙන ලෙසත් ඉල්ලා සිටින බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.


    මැතිවරණ කොමසාරිස්වරයා මේ බව පැවසුවේ අද (02) පෙරවරුවේ එම කාර්යාලයේ පැවති මාධ්‍ය දැනුවත් කිරීමකට එක්වෙමිනි.


    මෙවර මැතිවරණයේදී කොළඹ ඡන්ද පත්‍රිකාවක දිග අඩි 02ක් පමණ වන බව පැවසූ ඔහු ගණන් කිරීමේ කටයුතුවලදී එය ඉතා අපහසු තත්ත්වයක් බවද පැවසීය. නීති පැනවීමේ බලයක් මැතිවරණ කොමසාරිස්වරයා සතු නොවන බවත් අගතියට පත් පිරිස වෙනුවෙන් කටයුතු කිරීමටත් පෞද්ගලික දේපොළ ආරක්ෂා කිරීමට ප්‍රමුඛ විධායකයෙන් තමාට උපදෙස් ලැබී ඇති බවත් සඳහන් කළේය.


    ඡන්ද හිමි නාමලේඛනයේ නම ඇත්නම් ඕනෑම අයෙකුට ඡන්දය පාවිච්චි කිරීමට අයිතියක් ඇත. ඡන්දය ඉල්ලීමට ද අවස්ථාව ඇති අතර එයට අභියෝග කිරීමටත් පුළුවනි. මාධ්‍ය මඟින් ඡන්ද මධ්‍යස්ථාන රූගත කිරීමේදී ඡන්දදායකයාට බාධා නොවන පරිදි මීටර් 500ක් දුර සිට අදාළ කාර්යභාරය ඉටු කරගත හැකියි. රටේ ප්‍රධානියාට පමණක් ඡායාරූප ගැනීමේ අයිතිය ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.


    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya