අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා

    අප්‍රේල් 02, 2014

    නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය යහපත් වාතාවරණයක් පවත්වාගෙන යාම තම කාර්යභාරය බවත් ඒ සඳහා උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අද (02) පෙරවරුවේ මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පවසයි.


    මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී රැස්වීමක් ඇති බවට සඳහන් දැන්වීම් පමණක් ප්‍රචාරය කළ හැකි බව සඳහන් කළ ඒ මහතා පක්ෂ ලේකම්වරුන් සමඟ සාකච්ඡා කර පක්ෂවල ප්‍රචාරක කාර්යාලවල පොස්ටර් හා බැනර් ප්‍රදර්ශනයට අවස්ථාව දුන් බවද කීය. ඒ සඳහා පක්ෂ ලේකම්වරුන්, පොලිසිය හා තම කාර්යලය එකඟව යම් යම් සීමා පැනවූ බවද පැවසීය.


    ප්‍රචාරක කටයුතුවලදී පෝස්ටර් හා කටවුට් යම් ප්‍රමාණයක් ගැසීමට නීති ක්‍රියාත්මක කරන්නත් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය නතර කිරීමටත් යෝජනා ඇත. තවද අපේක්ෂකයන්ට පහසු වන පරිදි මාධ්‍ය හරහා කරන දැන්වීම්වලදී වියදම් සීමාවක් පැනවීමටත් යෝජනා වී ඇතැයි කී මැතිවරණ කොමසාරිස්වරයා මේ යෝජනා ප්‍රධාන දේශපාලන පක්ෂ සමඟ ඡන්ද විමසීමට පෙර හා පසු කරන ලද සාකච්ඡාවලින් මතු වූ කරුණු බවද සඳහන් කළේය.


    මේ යෝජනා ක්‍රියාත්මක කිරීමට ඉදිරියේදී පැවැත්වෙන ඌව පළාත් සභා මැතිවරණයේදී නොහැකි වුව හොත් ලබන වසර තුළ සිදු කරන බවත් තව වසර 02කින් පමණ ජනාධිපතිවරණයක් පැවැත්විය හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya