මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිංගප්පූරු විදේශ අමාත්‍ය ශ්‍රී ලංකාවට Featured

    අප්‍රේල් 02, 2014
    නිල සංචාරයක් සඳහා සිංගප්පුරු විදේශ අමාත්‍ය කේ. ශන්මුගම් මහතා අද (02) දිවයිනට පැමිණීමට නියමිතව ඇත. දිවයිනට පැමිණෙන ශන්මුගන් මහතා ලබන 05 දින දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය. 
     
    සිංගප්පුරු විදේශ අමාත්‍ය කේ. ශන්මුගම් මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී සාකච්ජා කිරීමට නියමිත අතර විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මුණගැසී සාකච්ජා කිරීමට නියමිත බව ද විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. 
     
    මෙහිදී සිංගප්පුරුව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබීමට නියමිතය. මේ අතර සිංගප්පුරු අමාත්‍යවරයා මෙරට රැඳී සිටින කාලය තුළ රජයේ ඉහළ පෙළේ නිලධාරීන් රැසක් සමඟ සාකච්ජා පැවැත්වීමට නියමිත බව විදේශ අමාත්‍යංශය සඳහන් කරයි. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya