මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතිගරු ජනාධිපතිතුමාගේ ලෝක ළමා දින පණිවිඩය Featured

    ඔක්තෝබර් 01, 2019
    රජයක් වශයෙන් හා වැඩිහිටියන් ලෙස ළමයින්ට වඩා සුරක්ෂිත හා හිතකාමී සමාජ පරිසරයක් තහවුරු කරන යහපත් සමාජයක් නිර්මාණය කිරීමට අධිෂ්ඨානයෙන් කැපවිය යුතු යැයි ලෝක ළමා දින සැමරුම වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටී.

    එම පණිවුඩයේ මෙසේ ද සඳහන් වේ.

    ඕනෑම රටක අනාගත අභිවෘද්ධිය හා ප්‍රෞඪත්වය රඳා පවතින්නේ වත්මන් ළමා පරපුර ලෙස හැදී වැඩෙන අනාගත වැඩිහිටි ප්‍රජාව මතය. දැනුම, කුසලතා හා යහපත් සාරධර්මයන්ගෙන් සපිරි, වෙනස් වන සමාජ ආර්ථික අවශ්‍යතාවන්ට මනා ලෙස ගැළපෙන අභියෝගයන්ට සාර්ථකව මුහුණ දිය හැකි ඵලදායී ළමා පරපුරක් බිහිකිරීම වත්මන් යුගයේ අවශ්‍යතාවයයි. එහෙයින් රජයක් වශයෙන් හා වැඩිහිටියන් ලෙස ළමයින් හට වඩා සුරක්ෂිත හා හිතකාමී සමාජ පරිසරයක් තහවුරු කරන යහපත් සමාජයක් නිර්මාණය කිරීමට අධිෂ්ඨානයෙන් කැපවිය යුතුව ඇත.

    "මෙවර සුමිතුරු දැයකින් - දිනවමු දරුවන්" තේමාවෙන් ලෝක ළමා දින ජාතික සැමරුම මඟින් අප බලා‍පොරොත්තු වන්නේ එවැනි යහපත් ඉසව්වක් කරා දරුවන් රැගෙන යෑමයි. ඒ සඳහා දරුවන් සුරකිමු ජාතික වැඩසටහන ඇතුළු ළමයින්ගේ ආරක්ෂාව, රැකවරණය හා සංවර්ධනය තහවුරු කරන වැඩසටහන් රැසක් මේ වන විටත් ක්‍රියාවට නංවා ඇත. ඒ අනුව අභිමානවත් ශක්තිමත් දේශයක් ගොඩනැංවීම සඳහා සුමිතුරු දැයකින් - දිනවමු දරුවන් යන තේමාවෙන් මාපියන්, වැඩිහිටියන් සියලු ආයතන හා සංවිධාන, නිලධාරීන්, ප්‍රතිපත්ති සම්පාදකයන් හා දේශපාලනඥයන් යන අප සියලු දෙනා එක්ව දරුවන්ගේ යහපැවැත්ම වෙනුවෙන් අත්වැල් බැඳගත යුතු වෙමු.

    මෙවර ලෝක ළමා දින සැමරුම ළමයින්ට යහපත උදාකරන, සාර්ථක හා අර්ථාන්විත උත්සාහයක් වේවායි මම ප්‍රාර්ථනා කරමි.
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya