අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අග්‍රාමාත්‍යතුමාගේ ලෝක ළමා හා වැඩිහිටි දින පණිවුඩය Featured

    ඔක්තෝබර් 01, 2019

    ලෝක ළමා දිනයත්, වැඩිහිටි දිනයත් එකම දිනකට යෙදී තිබීම විශේෂත්වයකි. ජීවිත ගමනේ ඇරඹුම සනිටුහන් වන ළමා විය සේම, සමාජය වෙනුවෙන් උපරිම කැපවීමෙන් ස්වකීය දායකත්වය ලබා දී විශ්‍රාම සුවයෙන් පසුවන වැඩිහිටි විය ද එක සේ අපගේ අවධානයට ලක් විය යුතු ජීවන අවධීන් දෙකකි.

    මෙවර ලෝක ළමා දින තේමාව වන්නේ  “සුමිතුරු දැයකින් - දිනවමු දරුවන්” යන්නයි. දරුවන්ට සුරක්ෂිත, යහපත් සමාජයක් ගොඩනැංවීමට නම් සාමය, සංහිදියාව සහ තිරසර දියුණුව සාක්ෂාත් වන ස්ථාවර රාජ්‍යයක් ගොඩනැංවීම ඉතා වැදගත් බව අවධාරණය කරන මෙම තේමාව වඩාත් ප්‍රායෝගික තලයට ගෙන එන්නේ කෙසේදැයි අප වගකීමෙන් සිතා බැලිය යුතුය.

    එසේම වියපත් වැඩිහිටි සමාජය වෙනුවෙන් ආදරය, ආරක්ෂාව, ඇගයීම ලබා දෙමින් ඔවුන්ගේ ජීවිත අත්දැකීම්, දැනුම සහ කුසලතාවන් තවදුරටත් සමාජ ප්‍රගමනය වෙනුවෙන් දායක කරගැනීම ද ඉතා වැදගත් ය. දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ ද ජීවන අපේක්ෂා ඉටුවීමට නම් පවුල තුළ බැඳීම් ශක්තිමත් වන, ස්ථාවර ආර්ථික සමාජ පසුබිමක් ගොඩ නැංවීම අප හමුවේ ඇති අභියෝග වේ.  

    එම අභියෝග ජයගන්නට රජය, ජනමාධ්‍ය, ආගමික සහ සමාජ සංස්ථා, ප්‍රජාව යනාදී සෑම පාර්ශවයක්ම එක්සත්ව, වගකීමෙන් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරමි.

    රනිල් වික්‍රමසිංහ

    අග්‍රාමාත්‍ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya