අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක ළමා දිනය අදයි Featured

    ඔක්තෝබර් 01, 2019

    ජාත්‍යන්තර ළමා දිනය අදට(01) යෙදී ඇත. ඒ නිමිත්තෙන් පැවැත්වෙන ජාතික උත්සවය අද(01) උදේ10.00ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මාතලේ එඩ්වඩ් සිල්වා ක්‍රිඩාංගනයේදී පැවැත්වේ.

    'සුමිතුරු දැයකින් දිනවමු දරුවන්'මෙවර ජාත්‍යන්තර ළමා දින ජාතික උත්සවයේ තේමාව වේ.

    කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මියගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම ජාතික උත්සවයේදී ජාත්‍යන්තර ළමා දීනය වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත්කිරීම,සමරු කලාපය එළීදැක්වීම,විකල්ප රැකවරණ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කිරීම,මුල්ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීම,ශාරීරිකව හෝ අවමානාත්මක ලෙස දඬුවම් නොමැතිව දරුවන් ධනාත්මකව හදාවඩා ගැනීමේ අත්පොත පිළිගැන්වීම සිදු කෙරේ.

    ජාත්‍යන්තර ළමා දිනය පිළිබඳව දරුවන්ගේ සිතිවිලි ඉදිරිපත් කිරීම,'දරුවන් සුරකිමු-ජාතික  භාරකාර අරමුදල 'නිලවශයෙන් ප්‍රකාශයට පත් කිරීම,විශේෂ දක්ෂතා ඇති දරුවන්ඇගැයීමට ලක් කිරීම,ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් නිකුත්කරනු  ලැබු  මුද්දරය නිර්මාණය සඳහා පැවැත්වූ චිත්‍ර තරගයේ ජයග්‍රාහිකාව සඳහාත්, ජාත්‍යන්තර ළමා දින අන්තර්ජාල චිත්‍ර තරගයේ ත්‍යාග හා සහතික පත් ලබා දීම මෙහිදී සිදු කෙරෙනු ඇත

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya