අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය ගැටලු වැලකීමට අනවශ්‍ය ලෙස වතුරට බැසීමෙන් වළකින්න Featured

    සැප්තැම්බර් 26, 2019

    අනවශ්‍ය ලෙස ගංවතුරට නිරාවරණය වීම මත විවිධ චර්ම රෝග ශ්වසන රෝග ඇතිවීමේ වැළඳීමේ වැඩි ඉඩකඩක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ආපදා කළමනාකරණ ඒකකයේ ප්‍රධානී වෛද්‍ය හේමන්ත හේරත්  මහතා පවසයි.

    ඒ මහතා මේ බව ප්‍රකශ කළේ ජාතික ආපදා කළමනාකරණ අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ ඊයේ (25) පැවති පවතින අයහපත් කාලගුණික තත්ත්වය පිලිබඳ ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි. 

    කුඩා ළමුන්, රෝගී පුද්ගලයින්, සහ වයස්ගත වූ පුද්ගලයින් හැකිතාක් ගංවතුර තත්ත්වයට නිරාවරණය වීමෙන් රෝග වලට ගොදුරු වීමේ වැඩි ඉඩකඩක් පවතින බැවින් ආරක්ෂාකාරී පියවරවල් අනුගමනය කරන ලෙස හේමන්ත මහතා වැඩිදුරටත් පැවසීය.

    එමෙන්ම ජල මුලාශ්‍රයන් ගංවතුරට යටවීමෙන් ජලය අපිරිසිදු විය හැකි බැවින් එකී ජල මුලාශ්‍ර පිරිසිදු කරගැනීමට ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී සමඟ එක්ව කටයුතු කර තමන්ගේ සෞඛ්‍ය ගැටළු විසඳා ගැනීමට කටයුතු කරන ලෙසත් මෙහි දී ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya