අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෙට(26) දිනයේ සිට පවතින වැසි තත්වයේ අඩුවීමක් - කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව Featured

    සැප්තැම්බර් 25, 2019

    දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින තද වැසි තත්ත්වයේ තරමක අඩුවීමක් හෙට(26) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    කෙසේ වුවද අද(25) දින ද බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    බස්නාහිර, දකුණ සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වර්ෂාපතනයන් ද, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 75ක පමණ තරමක් තද වර්ෂාපතනයන් ද ඇති විය හැක.

    දිවයිනේ සෙසු පළාත්වල, විශේෂයෙන් සවස් කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya