මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෙලි අත්තට "දක්ෂිණ නගරාන්තර සිඝ්‍රගාමි"නමින් නගරාන්තර දුම්රියක්

    සැප්තැම්බර් 25, 2019

    කොළඔ කොටුවේ සිට බෙලි අත්ත දුම්රිය ස්ථානය දක්වා "දක්ෂිණ නගරාන්තර සිඝ්‍රගාමි " නමින් නව නගරාන්තර දුම්රියක් ඊයේ (24) පස්වරුවේ ආරම්භ විය.

    මෙහි ආරම්භක සංඥාව ලබා දුන්නේ, ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සන්ධු මහත්වරු විසිනි. මෙම දුම්රිය ඉන්දියාවෙන් ආනයනය කළ එස් 13 වර්ගයේ අති සුඛෝපභෝගි දුම්රියක් වන අතර දුම්රිය මරදානෙන් සවස තුනට පිටත් වන අතර, කොළඹ කොටුවට පස්වරු 03.10ට පැමිණෙන අතර මෙම දුම්රිය දුම්රිය බෙලිඅත්තට සවස 06.05 ළඟා විමට නියමිත වේ.. සෑම දිනකම උදෑසන 02.15ට බෙලිඅත්තෙන් ගමන් ආරම්භ කරන දුම්රිය කොළඹ කොටුවට උදෑසන 05.04ටද මරදානට 05.10ටද ළඟා වේ. මෙම දුම්රිය අලුත්ගම, අම්බලන්ගොඩ, හික්කඩුව, ගාල්ල, වැලිගම, මාතර, කැකණදුර, වැවුරුකන්නල යන දුම්රිය ස්ථානවල නතර කරනු ලැබේ. මෙම දුම්රියේ වායු සමනය කළ පළමු පංතියේ මැදිරියේ කලින් ආසන වෙන් කරවා ගැනිමේ පහසුකම් සලසා ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya