මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාවික හමුදාවේ සහයෙන් පුද්ගලයින් 417ක් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යයි

    සැප්තැම්බර් 24, 2019

    දිවයිනට බළපා ඇති අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් ගංවතුර අවධානමකට ලක් වී ඇති අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිලවා මහතාගේ උපදෙස් මත පීඩාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා හදිසි අවස්ථා කණ්ඩායම් රැසක් විවිධ ප්‍රදේශවල මේවන විට අනුයුක්ත කර ඇතැයි
    නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලූතිනන් කමාන්ඩර් සූරිය බණ්ඩාර මහතා අද(24) රජයේ නිල පුවත් වෙබි අඩවියට ප්‍රකාශ කළේය.

    ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම, බද්දේගම, උඩුගම, පෝද්දල, ඉමදුව, නාගොඩ යන ප්‍රදේශවල සහ කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, වලල්ලාවිට යන ප්‍රදේශවල මෙන්ම මාතර දිස්ත්‍රික්කයේ අකුරුස්ස ඇතුළු ප්‍රදේශ රැසක මේවන විට සහන කණ්ඩායම් යොදවා ඇති අතර, ඒ සඳහා නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකය (4RU) සහ නාවික හමුදා කිමිදුම් අංශයට අනුයුක්ත නාවිකයින්ගෙන් සමන්විත සහන සැළසීමේ කණ්ඩායම් අනුයුක්ත කර ඇත.

    ඒ අනුව, මේ වන විට නාවික හමුදාව විසින් සිවිල් වැසියන් 417 දෙනෙකු ආරක්ෂිත ස්ථානයන් වෙත ප්‍රවාහනය කිරීමට ද සමත්ව ඇති අතර, ගංවතුර හේතුවෙන් අවතැන්ව සිටි පුද්ගලයින් 18 දෙනෙකු බේරාගෙන ආරක්‍ෂිත ස්ථානයක් වෙත රැගෙන යාමට ද කටයුතු කරන ලදී. එමෙන්ම ඕනෑම හදිසි අවස්ථාවකදී යෙදවීම සඳහා සියළුම නාවික විධානයන් ආවරණය වන පරිදි තවත් හදිසි අවස්ථා කණ්ඩායම් රැසක් මේ වන විටත් නාවික විධානයන්හි සූදානමින් තබා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya