අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෙලි අත්තට "දක්ෂිණ නගරාන්තර සිඝ්‍රගාමි"නමින් නගරාන්තර දුම්රියක් අද සිට Featured

    සැප්තැම්බර් 24, 2019

    කොළඔ කොටුවේ සිට  බෙලි අත්ත දුම්රිය ස්ථානය දක්වා "දක්ෂිණ නගරාන්තර සිඝ්‍රගාමි  " නමින් නව නගරාන්තර දුම්රියක් අද(24)  පස්වරුවේ ආරම්භ කිරිමට නියමිත බව දුම්රිය මුලස්ථානය නිකුත් කල නිවේදනයක සඳහන් වේ.

    දුම්රිය අංක 8054 දරණ  මෙම දුම්රිය ප.ව 03.00ට  ආරම්භ වන අතර එය බෙලිඅත්ත  දුම්රිය ස්ථානයට පස්වරු 06.05 වන විට ලඟාවිමට නියමිතය.

    එමෙන් ම හෙට දින (25) දුම්රිය අංක 8055 යන දුම්රිය බෙලිඅත්ත  දුම්රිය ස්ථානයේ සිට අළුයම 02.15 ආරම්භ කරන මෙම දුම්රිය පෙ.ව 05.10ට මරදාන දුම්රිය ස්ථානයට ළඟාවිමට නියමිතය.

    "දක්ෂිණ නගරාන්තර සිඝ්‍රගාමි" දුම්රිය  කොළඔ  කොටුව,අලුත්ගම,අම්බලන්ගොඩ,හික්කඩුව,ගාල්ල,වැලිගම, මාතර ,කැකණදුර,වැවුරුක්න්නල යන දුම්රිය ස්ථානවල නතර කරනු ලැබේ.

    මෙම දුම්රියේ වායු සමනය කළ පළමු පංතියේ මැදිරියේ කලින් ආසන වෙන් කරවා ගැනිමේ පහසුකම් සලසා ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya