අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගිං ගගේ ජල මට්ටම ඉහළට - දැඩි අවධානයෙන් පසුවන්නැයි ජනතාවට දැනුම් දෙයි Featured

    සැප්තැම්බර් 23, 2019

    ගිංගගේ ජල මට්ටම අද (23) උදෑසන වන විට යළි ඉහළ නගිමින් පැවැති අතර පසුගිය පැය 48 තුළ දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට බලපෑ වර්ෂාපතනය හේතුවෙන් මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක් ද ජලයෙන් යටවී තිබේ.

    ඒ අනුව අද දින(23) ප:ව 01වන විට දිස්ත්‍රික්කයේ හික්කඩුව,වඳුරඹ,යක්කරමුල්ල යන ප්‍රදේශයන්වලට මිලිමීටර් 104කට වඩා වර්ෂාපතනයක් ලැබී ඇත.

    අද ප:ව 3.30 වනවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 09ක ග්‍රාම නිලධාරි වසම් 78ක පවුල් 850ක සාමාජිකයින් 3189 දෙනෙකු පීඩාවට පත්ව ඇත.

    එමෙන්ම බද්දේගම කිබියකන්ද ප්‍රදේශයේ පස්කන්දක් නායයාමෙන් එක් කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර පූර්ණ හානි නිවාස 09ක් වාර්තා වෙයි. අර්ධහානි නිවාස 63 කි.

    මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ පහත්බිම් රැසක් ද මාර්ග රැසක් ද ජලයෙන් යටවී ඇති බවත් ගාල්ල දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය පෙන්වා දෙයි. අපදා සහන සේවා කටයුතු කඩිනමින් ක්‍රියාත්මක අතර, දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතාගේ මෙහෙයවිම යටතේ කඩිනමින් එම කටයුතු ක්‍රියාත්මක කරලිම සඳහා සියළු ප්‍රාදේශිය ලේකම්වරුන්වෙත උපදෙස් ලැබි තිබේ.

    ගිං ගඟ ආශ්‍රිත පහත් බිම්වල ජීවත්වන ජනතාවට දැඩි අවදානයෙන් පසුවන ලෙසත්, තවදුරටත් ජල මට්ටම වැඩිවන්නේ නම් වහාම ආරක්ෂිත ස්ථාන වෙත ගමන්කරන ලෙසත් ගාල්ල දිස්ත්‍රික් ලේකම්, දිසාපති සෝමරත්න විදාපතිරණ මහතා දන්වා සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya