සි.එල් කේ.හේරත් අධ්‍යක්ෂණය කල "පුංචි අපට ඉඩක් දෙන්න" සීමිත නාට්‍ය පස්වරු 5.00 ට ද, සමන් චන්දන සහ ආෂා පෙරේරා අධ්‍යක්ෂණය කල "වනක්කම් රාජා" දෙමළ නාට්‍ය පස්වරු 5.45 ට ද, උපාලි ටෙනිසන් අධ්‍යක්ෂණය කල "පළවෙනි වේදිකාව " විවාත නාට්‍ය පස්වරු 6.30 ට ද වේදිකා ගත වේ.
නිවාස ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය,සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව එක්ව සංවිධානය කරනු ලබන රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මෙවර පවත්වනු ලබන්නේ 23 වැනි වරටය.