රජයේ ප්‍රතිපත්ති රාමුව වන “දැක්ම 2025” ට සමගාමීව, අධ්‍යාපන, නිපුණතා සංවර්ධනය හා සෞඛ්‍යය ආරක්ෂණය වැනි සාමාජීය අවශයතා ලබාදීම හා වැඩිදියුණු කිරීම රජයේ සංවර්ධන වැඩපිළිවෙලහි ප්‍රධාන අංගයන් වේ. සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යාශයේ ඇති වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ ජනගහනය 100,000 ට සිටින වෛද්‍ය නිලධාරීන් සංඛ්‍යාව 77 කි. එසේ වුවද, ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය හා කැනඩාව වැනි සංවර්ධිත රටවල ජනගහනය 100,000 ට සිටින වෛද්‍ය නිලධාරීන් සංඛ්‍යාව ශ්‍රී ලංකාවට වඩා ඉහළ අගයක් ගනී.
තවද, රාජ්‍යය විශ්ව විද්‍යාල සඳහා බඳවාගැනීම ඉහළ නැංවීම තුළින් තෘතියික අධ්‍යාපන පහසුකම් පුළුල් කිරීමට අවශ්‍ය පියවර රජය ගනු ලබනු ඇත. සංවර්ධන ප්‍රතිලාභ රටේ සෑම ප්‍රදේශයක් සඳහාම ව්‍යාප්ත කිරීමට රජය මගින් පරිශ්‍රමයක් දරන හෙයින්, රට තුළ ඉහළ ප්‍රමිතියෙන් යුතු සෞඛ්‍ය පහසුකම් ඇතිකිරීම, ගුණාත්මක හා පුහුණුව ලත් සෞඛ්‍ය වෘත්තියක් ඇති කිරීම හා ඒකාබද්ධ විය යුතුය.
1981දී සෞදි පදනම හරහා දෙවන ජල හා ජලාපවාහන ව්‍යාපෘතියට ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 30 ක ණය මුදලක් ලබාදීම මගින් ශ්‍රී ලංකා රජය හා සෞදි අරාබි රාජාණ්ඩුව අතර ආර්ථික සහයෝගීතාවය ආරම්භ විය. සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල මගින් සහනදායී ණය යටතේ මූල්‍යයනය කරන ලද සංවර්ධන ව්‍යාපෘතීන් රටවල් දෙක අතර සහයෝගීතාවයේ සංධිස්ථාන වනු ඇත. 2018 වර්ෂය අවසන් වනවිට මාර්ග, සෞඛ්‍යය, වාරිමාර්ග, ප්‍රජා සංවර්ධනය හා උසස් අධ්‍යාපනය යන ක්ෂේස්ත්‍රයන් සඳහා ඇ.ඩො. මිලියන 386ක පමණ ණය ආධාර සෞදි අරමුදල මගින් ශ්‍රී ලංකාව වෙත ලබා දී ඇත.