අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහවැලි ක්‍රීඩා උලෙළ මෙවර ද අති උත්කර්ෂවත්ව පැවැත්වෙයි

    සැප්තැම්බර් 09, 2019

    මහවැලි ගොවි පවුල්වල දරුවන්ගේ ක්‍රීඩා කුසලතා වර්ධනය කෙරෙන හා ක්‍රිඩක ක්‍රීඩිකාවන් රැසක් රටට දායාද කළ මහවැලි ක්‍රීඩා උලෙළ මෙවර ද අති උත්කර්ෂවත් අන්දමින් දෙදිනක් පුරා මැදිරිගිරිය බිසෝපුර දී පැවැත්වුණු අතර එහි සාමාප්ති උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(08) පස්වරුවේ පැවැත්විණි.

    මහවැලි කලාප 10ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 1500ක් පමණ ඊට සහභාගී වූ අතර ක්‍රීඩා උලෙළේ දක්ෂතා දැක්වූ ක්‍රිඩක ක්‍රීඩිකාවන්ට තිළිණ හා සම්මාන ප්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

    මෙවර ක්‍රීඩා උලෙළේ ජනාධිපති ශූරතාව මහවැලි එච්” කලාපය දිනාගත් අතර අනුශූරතාවය මහවැලි සී” කලාපයට හිමි විය.

    අදාළ ජය සංකේත ප්‍රදානය ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර ක්‍රීඩා උලෙළේ දක්ෂතම ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට ද ජනාධිපතිතුමා අතින් සම්මාන පිරිනැමිණි.

    උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක යන මහත්වරුන් සහ සුගත් තිලකරත්න මහතා ඇතුළු හිටපු ප්‍රවිණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya