අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ණය බරින් නිදහස් වීමට ඇති එකම මග නව දැනුම සහ තාක්ෂණික ‌ඥානය තුළින් ‌‌ලෝක ‌වෙළඳ ‌පොළ ජය ගැනීමයි

    අගෝස්තු 22, 2019

    රට හමුවේ ඇති විශාලම අභියෝගය වන ණය බරින් නිදහස් වීමට ඇති එකම මග නව දැනුම සහ තාක්ෂණික ‌ඥානය තුළින් ‌‌ලෝක ‌වෙළඳ ‌පොළ ජය ගැනීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අග්‍රාමාත්‍යවරයා ‌මේ බව පැවසුවේ වෘත්තීය පුහුණු අධිකාරිය සතු නවීණතම සහ විශාලතම පුහුණු ආයතනය වන ඔරුගොඩවත්තේ පිහිටි, ශ්‍රීී ලංකා ‌කොරියා ජාතික වෘත්තීය පුහුණු ආයතනය ‌හෙවත් ‌ K-Tec ආයතනය සිසු අයිතියට පත් කිරීම සඳහා  පැවති උත්සවයකට එක්වෙමිණි.

    අද වන විට ඉහළ මධ්‍යම ආදායම්ලාභී රටක් බවට පත්ව ඇතිි ශ්‍රී ලංකාවට ‌‌ලෝකය සමග තරඟ කිරීමට නම් ඇඟලුම් කර්මාන්තය පමණක් ප්‍රමාණවත් ‌නැතැයිද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.‌

    ශ්‍රීී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන ‌මෙම ආයතනය සඳහා ‌කොරියානු රජ‌ය රුපියල් මිලියන 2900ක ආයෝජනයක් සිදු කර ඇතිි අතර ‌කොරියානු විශේශඥයිනගේ තාක්ෂණික ඥානයද මෙරටට ලබා දි ඇත.මෝටර් රථ, ඉදිකිරීම්, පරිගණක, ඉංජිනේරු සහ අධි පීඩන යන්ත්‍ර තාක්‍ෂණය ඇතුළු ලෝකයේ භාවිතා වන නවීනතම තාක්ෂණයන්ට අදාළ වෘත්තීය පුහුණු සහ ඩිප්ලෝමා පාඨමාලා ‌රැසක් මෙම ආයතයේ ක්‍රියාත්මක ‌වේ.ශ්‍රී ලංකාව තුළ මුල්වරට රොබෝ තාක්‍ෂණය පිළිබඳ පාඨමාලාවක් හඳුන්වාදීම ද ‌මෙම ආයතනයේ විශේෂත්වයයි.පූර්ණ කාලීන, අර්ධකාලීන පාඨමාලා සහ ඩිප්ලෝමා පිරිනැමෙන මෙම ආයතනය සඳහා එන්. වී. කියු 3, 4 මට්ටමේ සහ අපොස උසස් පෙළ විෂයන් තුනක් සමත් තරුණ-තරුණියන්ට පාඨමාලා සඳහා ඉල්ලුම් කල හැකිය. පූර්ණකාලීන පාඨමාලා නොමිලයේ ක්‍රියාත්මකයි.

    නව ව්‍යාපෘතිය පුහුණු ආයතනය, දේශන ශාලා, සම්මන්ත්‍රණ ශාලා, ශ්‍රවණාගාර, පුස්තකාල, ආපන ශාලා, නවාතැන් ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විත වන අතර තොරතුරු තාක්‍ෂණ විද්‍යාගාරයක් ද මෙහි පිහිටුවා තිබේ.

     

    කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ,නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ යන අමාත්‍යවරුද, ‌කොරියානු


    රජයේ EXIM බැංකුවේ නියෝජතයන්, ‌ශ්‍රී ලංකා කොරියානු තානාපති, K-Tec ආයතන‌යේ සභාපති රවී ජයවර්ධන මහත්වරුන්ද, වෘත්තීය පුහුණු ආයතන වල සභාපතිවරු ඇතුළු විශාල පිරිසක් ‌ෙමෙම අවස්ථාවට ඒක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya