අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “යතිවර සමරු පහය” ගුණානුස්මරණ මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය ජනපති සහභාගිත්වයෙන්

    අගෝස්තු 06, 2019

    ඓතිහාසික බෙල්ලන්විල රාජමහා විහාරයේ “යතිවර සමරු පහය” ගුණානුස්මරණ මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන්  පැවැත්විණි.

    බෙල්ලන්විල විහාරස්ථානයේ හිටපු විහාරාධිපති පූජ්‍ය බෙල්ලන්විල සෝමරතන නායක හිමිපාණන් වහන්සේ සහ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනුනායක හිමිපාණන් වහන්සේ ගුණානුස්මරණය කිරීම වෙනුවෙන් මෙම නව මන්දිරය ඉදි කර තිබේ.

    අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමීන්වහන්සේ පුණ්‍යෝත්සවයේ මුලසුන හෙඹ වූ අතර ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයෝ රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya