අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය සම්පන්න ජනතාවක් වෙසෙන රටක් වෙනුවෙන් කැපවිය යුතුයි - ජනපති

    අගෝස්තු 04, 2019

    දේශීයව නිෂ්පාදනය කළ හැකි එහෙත් පිටරටින් ගෙන්වන ආහාර සඳහා වාර්ෂිකව වැයකරන අතිවිශාල මුදල රට තුළ ඉතිරිකරගත හැකි නම් දිළිඳු බව පිටුදැකීමේ කාර්යය අපහසු නොවන බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ මින්නේරිය හෙල බොජුන්හල සහ හරිත ප‍්‍රජා අලෙවි සංකිර්ණය ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට (03) දහවල් එක් වෙමිනි.

    තරගකාරී ජීවන රටාවක සිරවී සිටින ජනතාව වෙත පහසුවෙන් පෝෂ්‍යදායි ආහාර වේලක් සපයා ගැනීමේ අවස්ථාව සලසා දෙමින් පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ රුපියල් මිලියන 14ක් වැය කරමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මෙම හෙළ බොජුන්හල විවෘත කර තිබේ.

    උත්සව සභාව ඇමතු ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ ශ‍්‍රී ලංකාවේ බෝ නොවන රෝගයන්ට ගොදුරුවන ප‍්‍රතිශතය බෙහෙවින් ඉහල යමින් පවතින අතර නිවැරදි නොවන ආහාර රටාව ඊට ප‍්‍රධාන හේතුවක් වි තිබෙන බවයි. එමෙන්ම සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් වෙනුවෙන් නිවැරදි ආහාර රටාවකට මෙන්ම නිවැරදි චර්යාවන්ට ද පුද්ගලයන් යොමුවීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිතුමා කියා සිටියේ සෞඛ්‍ය සම්පන්න ජනතාවක් සිටින රටක් වෙනුවෙන් අද දවසේ සියලූදෙනා කැපවිය යුතු බවයි.
    සමරු ඵලකය නිරාවරණය කර හෙළ බොජුන් හළ විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

    පිබිදෙමු පොළාන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ ජීවන උපාය සංවර්ධන වැඩසටහනේ ප‍්‍රතිලාභීන් වෙත කෘෂිකර්ම උපකරණ බෙදාදීම ඇතුළු වැඩසටහන් රැසක් මෙහිදී ජනාධිපතිතුමා අතින් සංකේතවත් කෙරිණි.

    කෘෂිකර්මය පිළිබඳ සම්පාදනය කෙරුණු ග‍්‍රන්ථ දෙකක් ද ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලදී.

    අමාත්‍ය සුජීව සේනසිංහ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, නගරාධිපති චානක සිදත් රණසිංහ යන මහත්වරුන් ඇතුළු ප‍්‍රදේශයේ මහජන නියෝජිතයන් රැසක් ද, දිස්ති‍්‍රක් ලේකම් පණ්ඩුක අබේවර්ධන, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.එම්.ඩබ්. වීරකෝන් යන මහත්වරුන් ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    මේ අතර අද ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පොළොන්නරුවේ දී විවෘත කිරීම් සහ වැඩසටහන් රැුසක් සිදු විය.

    පිබිදෙමු පොළොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ ආගමික පුනර්ජීවනය අරමුණු කරගනිමින් වෙලන්කටුව ශ‍්‍රී ශෛල ගංගාරාම විහාරස්ථානයේ ඉදිකරන ලද නව සංඝාවාස ගොඩනැඟිල්ල සඝ සතු කොට පූජා කිරීමේ පුණ්‍යෝත්සවය අද පෙරවරුවේ පැවැත්වුණේ ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙනි. නව සංඝාවාස ගොඩනැගිල් ඉදිකිරීම සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 3.47කි.

    විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත් අතර අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර නව සංඝාවාස ගොඩනැඟිල්ල විවෘත කරනු ලැබීය.

    ඉන් අනතුරුව පිබිදෙමු පොළොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ ඇලහැර, බකමුණ නගරයේ ඉදිකෙරුණු හෙළ බොජුන් හළ විවෘත කිරීමේ අවස්ථාවට ද ජනාධිපතිතුමා එක් විය.

    මේ අතර කෝට්ටපිටිය ශ‍්‍රී බුද්ධගයා ප‍්‍රභාෂ්වර පිරිවෙණෙහි රුපියල් මිලියන 10කට ආසන්න මුදලක් වැය කරමින් ඉදිකෙරුණු අංගසම්පූර්ණ නව සංඝාවාස ගොඩනැඟිල්ල සඝ සතු කොට පූජා කිරීම සිදු කෙරණේ ද ජනාධිපතිතුමා අතිනි.

    සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපතිතුමා එහි ධාතු කරඩුව තැන්පත් කර පුෂ්පෝපහාර දැක්වීය.

    අනතුරුව පැවති උත්සව සභාවේ දී මහවැලි කලාපයට අයත් විහාරස්ථාන 03ක් වෙත පූජා ඔප්පු ප‍්‍රදානය කිරම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    විහාරාධිපති පූජ්‍ය මාදොල සේනානන්ද ස්වාමින්වහන්සේ ප‍්‍රමුඛ පළාතේ මහ සංඝරත්නය සහ ප‍්‍රදේශයේ දේශපාලන නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya