මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පන්ති තහනම ඉවතට - රජරට විශ්වවිද්‍යාලය අගෝස්තු 4 විවෘත වෙයි

    ජූලි 31, 2014
    දින නියමයක් නොමැතිව වසා දැමු රජරට විශ්වවිද්‍යාලයේ සියලුම පීඨයන් අගෝස්තු 4දා අධ්‍යයන කටයුතු සඳහා යළි විවෘත කරන බව රජරට විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරි ඒ.එම්.ජී.බී. අබේසිංහ මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
     
    ඒ අනුව සියලු ම නේවාසික සිසු සිසුවියන් 03දා පස්වරු 4.00ට පෙර නේවාසිකාගාර වෙත පැමිණිය යුතු වේ.
     
    පසුගිය දින අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගි වූ ජනාධිපතිතුමා මෙන් ම විශ්වවිද්‍යාල සිසුන්ගේ දෙමාපියන් විසින් කළ විශ්වවිද්‍යාලය යළි විවෘත කරන ලෙස ඉල්ලීමක් සිදු කළ බවත් ඒ මහතා පැවසීය.
     
    ඊයේ (30) රජරට විශ්වවිද්‍යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
     
    ඒ අනුව පන්ති තහනමකට ලක්ව ඇති සියලු සිසුන්ගේ එම තහනම විශ්වවිද්‍යාලය යළි විවෘත කරන දිනයේ සිට ඉවත් කිරීමට ද තීරණය කොට ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya