මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වාසනා සම්පත ප්‍රථම දිනුම් ඇදීම අද

    ජූලි 31, 2014
    ජාතික ලොතරැයි මණ්ඩලය මගින් ජනතාව අතර වඩාත් ප්‍රසිද්ධියට පත් වාසනා සම්පත ලොතරැයිය නැවත වෙළෙඳපොළට හඳුන්වාදීම පසුගිය (17) සිදුකෙරිණ.
     
    එහි ප්‍රථම දිනුම් ඇදීම අද (31)  රාත්‍රී 7.30ට ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී සිදු කෙරේ.
     
    මෙතෙක් වෙළෙඳපොළේ පැවති වාසනා සම්පත වැඩි ත්‍යාග මුදල් රැසකින් යුත්තව මෙවර හඳුන්වාදී ඇති බව ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී නාලක කළුවැව මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
     
    මෙහි සුපිරි ත්‍යාගය අවම වශයෙන් රුපියල් කෝටියකින් ආරම්භ වේ. මීට අමතරව ලක්ෂ දහයේ ප්‍රථම ත්‍යාග රැසක්ද අමතර ත්‍යාග රැසකින් ද මෙම ලොතරැයිය සමන්විත වේ.
     
    මෙම ප්‍රථම දිනුම් ඇදීමට සමගාමීව අද රාත්‍රීයේදී ගායක ගායිකාවන් රැසකගේ සහභාගීත්වයෙන් යුතුව පැවැත්වෙන  සංගීත සංදර්ශනයක්ද පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya