අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආබාධිත රණ විරු දෑතින් රජයට කෝටි 18ක ඉතුරුවක්

    ජූලි 31, 2014

    ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් විසින් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට එරෙහිව කරන ලද යුද්ධයේදී ආබාධිත තත්ත්වයට පත්වූ රණ විරුවන් 1500ක් පමණ දෙනෙකුගේ සේවය ලබා ගනිමින් යක්කල පවත්වාගෙන යන රණ විරු ඇපරල් ඇඟලුම් කර්මාන්ත ශාලාව මඟින් යුද හමුදාවේ සේවය කරන්නන්ට අවශ්‍ය නිල ඇඳුම් සපයා ගැනීම සඳහා වාර්ෂිකව රජය පෞද්ගලික අංශයට ගෙවනු ලැබූ රුපියල් කෝටි 18ක පමණ මුදලක් ඉතුරු කර ගැනීමට හැකි වී ඇත.


    මෙම කර්මාන්ත ශාලාව මඟින් ඉදිරියේදී ශ්‍රී ලංකා යුද හමුදාවට අවශ්‍ය සියලු නිල ඇඳුම් ඉතා උසස් තත්ත්වයකින් නිෂ්පාදනය කිරීමටත් රණ විරුවන්ට අවශ්‍ය සිවිල් කලිසම් හා කමිස, යුද හමුදාවට සහ සිවිල් ආයතනවලට අවශ්‍ය නිදන මලු, ක්‍රීඩා ඇඳුම් කට්ටල, ටී ෂර්ට් ආදිය ආයතනයට අයත් සුවිශේෂි වූ වෙළෙඳ නාමය යටතේ ඉතා සහනදායි මුදලකට ලබා දීමටත් දේශීය සහ විදේශීය වෙළෙඳපොළට අවශ්‍ය ඇඟලුම් උසස් තත්ත්වයෙන් නිෂ්පාදනය කිරීමටත් පියවර ගෙන ති‍‍බේ.

     

    1996 වර්ෂයේදී ආබාධිත සෙබළුන් යොදා මෙවැනි ආයතනයක් පිහිටවිය යුතු බවට සංකල්පය බිහිවුවත් ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත 2009න් පසු එය වැඩිදියුණු කිරීමට ගත් පියවර මත මෙම ශීඝ්‍ර දියුණුව සිදු වී ඇත. මෙහි සේවය කරන ආබාධිත සෙබළුන්ට හමුදා වැටුපට අමතරව මසකට රුපියල් 5000ක පමණ දීමනාවක් හිමි වෙයි.

     

    ශ්‍රී ලංකා යුද හමුදාවට වාර්ෂිකව අවශ්‍ය වන හමුදා නිල ඇදුම් ප්‍රමාණයෙන් 60% ක පමණ ප්‍රමාණයක් මෙම කර්මාන්ත ශාලා මඟින් නිෂ්පාදනය කරනු ලබන අතර මේ වන විට රණ විරු ඇපරල්ස් ආයතනයේ සම්පූර්ණ වත්කම්වල වටිනාකම රුපියල් මිලියන 1257ක් වෙයි. එසේම මේ වන විට ඇඟලුම් ක්ෂේත්‍රයට ආවේණික නවීන තාක්ෂණයෙන් යුතු නවීන ක්‍රමෝපායන් උපයෝගී කර ගනිමින් ගුණාත්මක භාවයෙන් යුතු උසස් නිල ඇඳුම් නිෂ්පාදනය කිරීම ද මෙම ආයතනය මඟින් සිදුකරනු ලබයි.

     

    යක්කල කර්මාන්ත ශාලාවේ දිනකට නිල ඇඳුම් 1080ක් සහ අලව්ව කර්මාන්ත ශාලාවේ නිල ඇඳුම් 400ක් වශයෙන් දිනකට නිල ඇඳුම් 1500කට වැඩි ප්‍රමාණයක් නිපදවනු ලබයි.

     

    මෙම රණවිරු ඇපරල් ආයතනය 2010 - 2011 වසර වෙනුවෙන් ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ සංවිධානයෙන් ලබාදෙන බී ශ්‍රේණියේ සම්මානයද 2012 වසරේ පරිසර අමාත්‍යාංශය මඟින් සංවිධානය කළ ජාතික හරිත සම්මාන තරගාවලියෙන් රාජ්‍ය අංශයේ රිදී සම්මානයද හිමිකරගෙන ඇත.

    තවද සෞඛ්‍ය හා ආරක්ෂාව පිළිබඳ වෘත්තීමය සහතිකයද ලබාගෙන තිබේ.

     

    හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතාගේ උපදෙස් මත එහි වර්තමාන සභාපති යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ එහි සේනා විධායක බ්‍රිගේඩියර් ගාමිණී වික්‍රමනායක මහතා යටතේ මෙම ආයතනය ක්‍රියාත්මක වෙයි.

     

    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya