මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය ධීවරයන් 50ක් අත් අඩංගුවට

    ජූලි 31, 2014
    ශ්‍රී ලංකා නාවික හමුදාවේ උතුරු නාවික විධානයට අයත් භට පිරිස් විසින් සිය රාත්‍රි මුර සංචාර සේවා පවත්වාගෙන යන අතරතුරදී පසුගිය සඳුදා පේදුරුතුඩුව ප්‍රදේශයට ඔබ්බෙන් මුහුදේ දී හා කෝවිලාන් බොක්ක ප්‍රදේශයේදී ශ්‍රී ලංකා මුහුදු සිමාවේ අනවසරයෙන් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයන් 50 දෙනෙකු හා ඔවුන් විසින් පරිහරණය කරන ලද බෝට්ටු 07ක් අත්අඩංගුවට ගෙන ඇත.
     
    මෙසේ අත් අඩංගුවට ගන්නා ලද ධීවරයන් පසුව වැඩිදුර පරීක්ෂණ කටයුතු හා අවශ්‍ය නීතිමය පියවර ගැනීම සඳහා කන්කසන්තුරේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ බලධාරීන් වෙත භාරදී ඇත.
     
    NDH/mod
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya