මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිංගප්පූරු - ශ්‍රී ලංකා ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කෙරේ Featured

    ජූලි 31, 2014

    සාමකාමී වාතාවරණයක් හා ස්ථාවරත්වයක් ගොඩනැඟුණු ශ්‍රී ලංකාව සමඟ ආර්ථික සබඳතා පුළුල් කිරීම කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකා විදේශ කටයුතු පිළිබඳ ඇමති ජී.එල්. පීරිස් මහතා හා සිංගප්පූරු විදේශ කටයුතු හා නීති පිළිබඳ ඇමති කේ. ෂන්මුගම් මහතා ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් පසුගිය සඳුදා (28) සිංගප්පූරුවේදී පැවැත්විණි.

     

    ශී‍්‍ර ලංකා රජය ආර්ථිකය යළි නඟා සිටුවීමේදි ආර්ථික සංවර්ධනයට ප‍්‍රධාන වශයෙන් අවධානය යොමු කරන ලද අතර, මෙහිදී ශී‍්‍ර ලංකාවේ හා මේ කලාපයේ වර්තමාන ප‍්‍රවණතා පිළිබඳව දැඩි අවධානය යොමු කිරීමට ද ඇමති දෙපළ මේ හමුව අවස්ථාවක් කොට ගත්හ. ඇමති ජී.එල්. පීරිස් මහතා, ශ්‍රී ලංකාවේ වත්මන්  සංවර්ධනය පිළිබඳ ව පැහැදිලි කරන ලද අතර වත්මන් ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනයට සංචාරක කර්මාන්තය මූලික වී ඇති බව ද පවසන ලදී.

     

    දැනුම පාදක කොට ගත් කර්මාන්ත තොරතුරු තාක්ෂණ උද්‍යාන, යටිතල පහසුකම් සහ නාගරික සංවර්ධනය, සෞඛ්‍ය ආරක්ෂණ අංශය සහ ජල කළමනාකරණ සම්පත් වැනි විවිධාකාර වූ ක්ෂේත‍්‍ර සම්බන්ධයෙන් සිංගප්පුරුවේ සහ අග්නිදිග ආසියාවේ ආයෝජන සඳහා ඇති ඉඩප‍්‍රස්ථා පිළිබඳ මෙහිදී සාකච්ඡා කළ අතර ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයන් සඳහා පුහුණු ශ‍්‍රමික ප‍්‍රවර්ධනය යටතේ රැකියා සඳහා ශී‍්‍ර ලංකාව දක්වන උනන්දුව පිළිබඳව ද පීරිස් මහතා මෙහිදී සඳහන් කළේය.


    ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා අන්තර්ජාතික වශයෙන් ප්‍රසිද්ධියට පත් ආසියා හෝටල් දාමයේ Shangri-La, Aman  Group, Banyan Tree සහ The Mustafa Group වැනි ලොව ප්‍රමුඛ පෙළේ ආයෝජකයින් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කරගැනීම  පිළිබඳව තමා ඉතා තෘප්තිමත් බව ෂන්මුගම් මහතා මෙහිදී පැවසීය.

     

    කොළඹ කොටස් හුවමාරුව හා හුවමාරු කොමිෂන් සභාව සහභාගීත්වයෙන් හා සිංගප්පූරු Bloomberg දත්ත සේවා (Bloomberg Data Services) සමඟ එක්ව පසුගිය ජනවාරි මස පැවති පළමු විදේශීය ආයෝජන සම්මේලනය සඳහා ශ්‍රී ලංකාව විසින් සිංගප්පූරුව තෝරා ගනු ලැබීම පිළිබඳවද සතුටට පත් වූ බව ෂන්මුගම් මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.

     

    සිංගප්පූරු ආයෝජකයින් සඳහා අග්නිදිග ආසියාව හරහා දැනුම, තොරතුරු තාක්ෂණය, යටිතල පහසුකම් හා නගර සංවර්ධනය, සෞඛ්‍යාරක්ෂාව හා ජල සම්පත් කළමනාකරණය යන විවිධ ක්ෂේත්‍රවල අවස්ථා රැසක් පිළිබඳ අමාත්‍යවරු දෙදෙනා සාකච්ඡා කරන ලදී. නිපුණතාවයෙන් යුක්තව රැකියා මඟට පිවිසීම ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ අපේක්ෂාව බවත් පීරිස් මහතා අවධාරණය කරන ලදී.

     

    ශී‍්‍ර ලංකාව හා සිංගප්පූරුව දෙරට අතර ආරක්ෂක අංශ සහයෝගීතාව වර්ධනය කරගැනීම පිළිබඳවද අවධානය යොමු කළහ. ඒ පිළිබඳ ආකල්ප හා විශේෂඥ දැනුම හුවමාරු කරගැනීම, ත්‍රස්තවාදය මැඬලීමට, දේශ සීමා ඉක්මවා සිදුවන අපරාධ වැළැක්වීම හා රටක ආරක්ෂාවට බලපවත්වන අනෙකුත් තර්ජන වැළැක්වීම සඳහා සාර්ථක පියවර ගැනීමෙහිලා විශේෂඥතා දැනුම බෙදා හදා ගැනීමෙන් මහඟු දායකත්වයක් සැලසෙන බව ද සාකච්ඡා කළ කරුණු අතර විය.

     

    කලාපය තුළ ත‍්‍රස්තවාදය මෙන්ම දේශ සීමා ඉක්මවා සිදුකරන අපරාධ හා ආරක්ෂාව පිළිබඳ වෙනත් තර්ජන වැළැක්වීම සඳහා සාර්ථක පියවර ගැනීමෙහිලා විශේෂඥතා දැනුම බෙදා හදා ගැනීමෙන් මහඟු දායකත්වයක් සැලසෙන බව හා ෂැන්ග‍්‍රිලා සංවාදයේ (Shangri-La  Dialogue) නිත්‍ය සහභාගීකරුවෙකු වශයෙන් ආසියා - ශාන්තිකර කලාපයේ ආරක්ෂක ක‍්‍රම සකස් කිරීමෙහිලා ශී‍්‍ර ලංකාවෙන් සුවිශාල කාර්ය භාරයක් ඉටුවන බවද මෙහිදී අවධානයට ලක්විය.

     

    මෙරට ජාතික ප‍්‍රතිසන්ධාන කි‍්‍රයාවලිය සම්බන්ධයෙන් හා විශේෂයන් වෘත්තීය පුහුණුව කුසලතා සංවර්ධන ක්ෂේත‍්‍රයේදී සිංගප්පූරු රජයෙන් ලැබෙන සහයෝගය පැසසුමට ලක්කළ ඇමති පීරිස් මහතා රාජ්‍ය සේවයේ නිලධාරීන්ගේ දැනුම හා කුසලතා වැඩිදියුණු කිරීම සඳහා පසුගිය වසරේදී ලබාදෙන ලද කෙටිකාලීන පුහුණු අවස්ථා 40ක් සම්බන්ධයෙන් සිංගප්පූරු රජයට සිය ස්තුතිය පුද කළේය.

     

    පොදුරාජ්‍ය මණ්ඩලයේ සභාපතිත්වය දැරීම හේතු කොට ශී‍්‍ර ලංකාවට හිමිව තිබෙන තත්ත්වය පිළිබඳ සැලකිලිමත් වෙමින් 2015න් පසු කාලය තුළ තිරසාර සංවර්ධන ඉලක්ක, වෙළෙඳ කටයුතුවලදී දකුණු - දකුණු සහයෝගිතාව හා කුඩා රාජ්‍යවල ආර්ථිකය යන කරුණුවලට විශේෂ අවධානයක් යොමු කරමින් ඇමැති දෙපළ පොදුරාජ්‍ය මණ්ඩලයේ වර්තමාන වැඩසටහන්වලදී ප‍්‍රමුඛතාව ලබාදිය යුතු කරුණු පිළිබඳව ද සාකච්ඡා කළහ.

     

    සැප්තැම්බර් මාසයේදී නිව් යෝර්ක්හි එක්සත් ජාතින්ගේ සමුළුවේදී සාකච්ඡාවට භාජනය කිරීමට නියමිත, ආසියානු රටවලට වැදගත්වන කරුණු සම්බන්ධයෙන් නිරන්තර සැලකිල්ලෙන් සිටීමට ද ඔවුහු මෙහිදී එකඟත්වයට එළඹුණහ.

     

    SDF/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya