මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිසිම මිනිස්කමක් නැතුව රෝහල් කාර්යමණ්ඩල වැඩ වර්ජනවල

    ජූලි 31, 2014

    අද දවසේ කිසිම මිනිස්කමක් නැතුව රෝහල්වල අත්‍යවශ්‍ය හදිසි සේවාවේ සිට කණිෂ්ඨ කාර්යමණ්ඩලය පවා එකතු වී දිවයින පුරා වැඩ වර්ජන ක්‍රියාත්මක කරමින් පවතින බවත් වැඩිම වෘත්තීය සමිති ප්‍රමාණයක් ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බවත් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, 2014 වර්ෂයේ රෝහල කමිටු සඳහා රේඛීය අමාත්‍යාංශයට අයත් රෝහල් 47කට රෝහල් කමිටු සාමාජිකයන් 1360ක් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම වෙනුවෙන් ඊයේ (30) කොළඹ ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවේදී පැවති උත්සව අවස්ථාවට සහභාගී වෙමිනි.

    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය. "මම ඉතාමත් සතුටු වෙනවා අපේ නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට රජය ගෙනයන පුළුල් වැඩපිළිවෙළ තුළ විශේෂයෙන් ම පසුගිය වසර 10ක කාල සීමාව තුළ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් නිදහස් සෞඛ්‍ය සේවාව පුළුල් වූ වර්ධනයක් ඇති වූ යුගයක එහි වගකීමක් කරට අරගෙන ගෞරවනීය මහා සංඝරත්නය, කතෝලික පූජකතුමන්ලා ප්‍රමුඛ තමුන්නාන්සේලා සියලුම දෙනා ම මේ කමිටුවලට පත් කරන ලද පත්වීම් භාර අරගෙන මේ වගකිවයුතු අවස්ථාවට එක්වීම ගැන" යැයි සඳහන් කළේය.

    "අද දවසේ කිසිම මිනිස්කමක් නැතුව රෝහල්වල අත්‍යවශ්‍ය හදිසි සේවාවේ සිට කණිෂ්ඨ කාර්යමණ්ඩලය පවා එකතු වී දිවයින පුරා වැඩ වර්ජන ක්‍රියාත්මක කරමින් පවතී. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෘත්තීය සමිති 106ක් තියෙනවා. වැඩිම වෘත්තීය සමිති ප්‍රමාණයක් තියෙන්නේ මේ අමාත්‍යාංශයේයි.

    වෘත්තීය සමිති විදිහට වෘත්තීය අයිතීන් පිළිබඳ තීන්දු තීරණ ගන්නා විට ප්‍රධාන වශයෙන් ම මානුෂීය විය යුතුයි කියා ඔබ, අප පිළිගත යුතුයි. රෝහලකට එන රෝගියෙකුගේ ජීවිතය පිළිබඳ වගකීම භාරදෙන්නේ වෛද්‍යවරයාට පමණක් නොවේ. වෛද්‍යවරයා ප්‍රමුඛ හෙද සේවයේ ද අනෙකුත් පරිපූරක, අතුරු වෛද්‍ය සේවා ද ඒ වගේම කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ අවසාන කම්කරුවා දක්වා ද ඒ අසරණ රෝගීන් වෙනුවෙන් වගකීම දරනවා. වැඩවර්ජන, උද්ඝෝෂණ, පෙළපාළි ප්‍රජාතන්ත්‍රවාදී රටක තිබිය යුතු දේවල්. ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර තිබේ. නමුත් ඒ සියල්ල සකස් වී තිබෙන්නේ මිනිසුන්ගේ යහපත සඳහායි.


    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, රටක නීතිරීති තියෙන්නේ ඒ නීතිරීති රකින පිරිසක් සිටින්නේ නීතිරීති කියා දෙන්නේ ඒ සියල්ල මිනිසුන්ගේ යහපැවැත්ම සඳහායි. යහපත් සමාජයක් සඳහායි. මිනිසුන්ගේ සුරක්ෂිතතාව සඳහායි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහතික කර ඇති නීති තුළ ජනතාවගේ කිසියම් හෝ අයිතිවාසිකම් හා වරප්‍රසාද තුළ තවත් ජීවිතයකට එය තර්ජනයක් නම් එය ජීවිතයක් අහිමි වන වරප්‍රසාදයක් නම් එහි බොහෝ දුරට ම්ලේච්ඡත්වය හා අමානුෂිකත්වය පසුබිම් වූවාද කියන කරුණ අපේ හෘද සාක්ෂිය තුළ තීරණය කළ යුතු වේ. අද වර්ජනයට එකතු වෙන්න ඉන්න අය අතර ගිලන්රථවල වැඩ කරන ගිලන් රථ සහායකයන් පවා සිටිනවා. මේ පිළිබඳ අද අතිගරු ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්තුමාට කථා කර රෝහල් සේවයේ අභ්‍යන්තර සේවාවලට ත්‍රිවිධ හමුදාව හා පොලිසිය යොදා ගෙන තිබෙනවා" යැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya