13 වන වරටත් පවත්වනු ලැබූ මේ සැමරුම් උත්සවය සඳහා මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදූ ආදී නාලන්දීය රණ විරුවන් 41 දෙනෙකුගේ පවුල්වල සාමාජික සාමාජිකාවෝ සහභාගී වූහ.
මේ උත්සයට සමගාමීව මිය ගිය රණ විරුවන් වෙනුවෙන් ආබාධ සහිත පුද්ගලයන් සිටින රාජගිරියේ වික්ටෝරියා නිවාසයේ වෛද්‍ය කඳවුරක් හා දිවා ආහාර පිරිනැමීමක් රණ විරු පවුල්වල සහභාගිත්වයෙන් අද සිදු කෙරිණි.
මේ අවස්ථාවට ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් සහභාගි වී සිටියහ.
NDH