මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපාන ආර්ථික වෙළෙඳ හා කර්මාන්ත ඇමැති ශ්‍රී ලංකාව පිළිබඳ විශ්වාසය පළ කරයි

    ජූලි 31, 2014
    ශ්‍රී ලංකාවේ ආසියාවේ වේගවත් ම ආර්ථික වර්ධනයක් ඇති රටක් බවත්, ලබන වසරේ දී එය දකුණු ආසියාවේ වේගවත් ම ආර්ථික සංවර්ධන වේගය සහතික රට වනු ඇති බවත් ජපාන ආර්ථික, වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍ය කසුයෝෂි අකබා මහතා පැවසීය.
     
    ජපාන ආර්ථික, වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍ය කසුයෝෂි අකබා මහතා මේ බව ප්‍රකාශ කළේ 07වන රාජ්‍ය - පෞද්ගලික ඒකාබද්ධ සමුළුවට සහභාගි වෙමිනි.
     
    මෙහි ආයෝජනය කිරීමට කැමැති ආසියානු කලාපය, මැද පෙරදිග, අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව සමඟ ඇති විශ්ෂ්ට සම්බන්ධතාව ශ්‍රී ලංකාව සතු ප්‍රධාන ශක්තිය ලෙස පෙන්වා දුන් ජපාන අමාත්‍යවරයා ආයෝජන කරන ජපාන සමාගම් එහි ඉතා හොඳ ව්‍යාපාරික පරිසරයක් පවතින බවට දැඩි ලෙස විශ්වාස කරන බව ද පැවසීය.
     
    ජපාන ඍජු ආයෝජන ශ්‍රී ලංකාව වෙත ගලා ඒම දැඩි කරගැනීමේ වැඩි අවශ්‍යතාවක් ඇති බවට අමාත්‍යවරයා මෙහිදී එකඟ විය.
     
    මෙම සමුළුව සඳහා JCCISL හි ලියාපදිංචි වු හා ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන සියලු ජපාන සමාගම්, මුදල් අමාත්‍යංශය, විදුලිබල හා බලශක්ති, ආගමන විගමන දේශීය ආදායම්, රේගුව වැනි රාජ්‍ය නියෝජිතායතන හා JETRO හා JICA වැනි අනෙකුත් ජපාන නියෝජිතායතන සහභාගි විය.
     
    මේ සමුළුවේ දී ජපාන ආයෝජකයන්ට වැදගත් වන කම්කරු සබඳතා, බදු, විදුලිබල ගාස්තු, ආගමන ගැටලු, ආයෝජන මණ්ඩල අනුමැතිය හා රාජ්‍ය තොරතුරු වැනි ක්ෂේත්‍ර පිළිඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya