මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම කඳුකරයේ විටින්විට පැ.කි.මී. 60 දක්වා තද සුළං Featured

    ජූලි 27, 2014

    (sinhala.news.lk) අද (27) දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන අතර මෙම වැසි වයඹ පළාතට ද පැතිර යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.


    දිවයිනේ මධ්‍යම කඳුකරයේ විටින්විට පැ.කි.මී. 60 දක්වා තද සුළං බලාපොරොත්තු විය හැක. දිවයිනේ අනෙක් කොටස්වලද විටින් විට තරමක් තද සුළං ඇතිවිය හැක.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    ගාල්ල, කොළඹ, රත්නපුරය, නුවරඑළිය සහ මහනුවරට වැසි වාර කිහිපයක් ඇති විය හැක.


    අනුරාධපුරය, මඩකළපුව, ත්‍රිකුණාමලය, මන්නාරම සහ යාපනයට ප්‍රධාන වශයෙන් වැසි නොමැති තත්ත්වයක් පවතී.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.0°C ත්‍රීකුණාමලය සහ මඩකළපුවෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 15.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.2°C මඩකළපුව හා ත්‍රිකුණාමලයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 15.4°C නුවරඑළියෙන් ද මි.මී. 12.8ක උපරිම වර්ෂාපතනය මොනරාගල ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya