මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගෝස්තු විභාග සඳහා අමතර පන්ති පැවැත්වීම තහනම් දින ප්‍රකාශයට

    ජූලි 26, 2014
    අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගය සඳහා ජූලි 30 දින මධ්‍යම රාත්‍රියෙන් පසුව ද 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා අගෝස්තු 11 දින මධ්‍යම රාත්‍රියෙන් පසුව ද අමතර පන්ති පැවැත්වීම තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවසීය.


    මේ විභාග සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් 1968 අංක 25 දරන ප්‍රසිද්ධ විභාග පනතට අනුව මෙලෙස අමතර පන්ති පැවැත්වීම තහනම් කර ඇත.

     

    මේ අනුව මෙම විභාග දෙකට ම පෙනී සිටින විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පන්ති සංවිධානය, මෙහෙයවීම සහ පැවැත්වීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම, එම විභාග සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්නපත්‍ර මුද්‍රණය කිරීම, ඒවා බෙදාහැරීම, විභාග ප්‍රශ්නපත්‍රවලට අදාළ ප්‍රශ්න ලබා දෙන බවට සඳහන් පෝස්ටර්, බැනර්, කටවුට්, අත්පත්‍රිකා යනාදිය විද්‍යුත් මාධ්‍ය මඟින් ප්‍රචාරය කිරීම මේ අනුව සපුරා තහනම් කර ඇත. 

     

    මේ අනුව ක්‍රියානොකරන අය කෙරෙහි දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya