මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධාන්‍ය ආනය‍න විශේෂ වෙළඳ භාණ්ඩ බදු අද සිට අඩු කෙරේ

    ජූලි 26, 2014
    රට තුළ පවතින නියඟය ‍හේතුවෙන් දේශීය ධාන්‍ය සැපයුම පහත වැටීමෙන් ඇති වන සැපයුම් ඌනතාව තුළ වෙළෙඳපොළ ස්ථාවරව පවත්වා ගැනීම සඳහා ආනයනය කරනු ලබන ධාන්‍ය මත අය කෙරෙන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අද (26) සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කරන බව මුදල් අමාත්‍යාංශය පැවසීය.


    රට තුළ ප්‍රමාණවත් ආහාර තොග පවත්වා ගනිමින් ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමත්, දේශීය සැපයුමේ ඌනතාවන් හේතුවෙන් ධාන්‍ය මිල ඉහළ යාම පාලනය කිරීමත් සමඟ මෙම නිෂ්පාදනවල දේශීය සැපයුම අඩු කාලවල අදාළ බදු අඩු කිරීමත්, දේශීය සැපයුම ප්‍රමාණවත් පරිදි වෙළෙඳපොළට ලැබෙන විට ‍‍නිෂ්පාදකයා ආරක්ෂා කරමින් කෘෂි බෝග සඳහා මෙම බදු ඉහළ මට්ටමක පවත්වා ගැනීමත් මඟින් පාරිභෝගිකයාත් නිෂ්පාදකයාත් ආරක්ෂා වන පරිදි ක්‍රියා කිරීම විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ක්‍රමයේ ප්‍රධාන අරමුණ වේ.

     

    ඒ අනුව ආනයනික පියලි නොකළ මයිසූර් පරිප්පු සඳහා කිලෝ ග්‍රෑම් 1කට රුපියල් 5.00ක්ව පැවති බද්ද රුපියල් 2.00 දක්වා ද පියලි නොකළ හා පියලි කළ වටානා පරිප්පු සඳහා පිළිවෙළින් කිලෝ ග්‍රෑමයට රුපියල් 22.00 හා රුපියල් 25.00ක්ව පැවති බද්ද රුපියල් 15.00 හා රුපියල් 18.00 දක්වා ද අඩු කර ඇත. තව ද මුංඇට සඳහා කිලෝ ග්‍රෑමයට රුපියල් 102.00ක්ව පැවති බද්ද රුපියල් 70.00 දක්වා ද කවුපි සඳහා කිලෝ ග්‍රෑමයට රුපියල් 100.00ක්ව පැවති බද්ද රුපියල් 70.00 දක්වා ද ‍පියලි නොකළ හා පියලි කළ කොණ්ඩ කඩල සඳහා පිළිවෙළින් කිලෝ ග්‍රෑමයට රුපියල් 12.00 හා රුපියල් 15.00ක්ව පැවති බද්ද රුපියල් 7.00 හා රු. 10.00 දක්වා ද කුරක්කන් සඳහා කිලෝ ග්‍රෑමයට රුපියල් 100.00ක්ව පැවති බද්ද රුපියල් 70.00 දක්වා  ද අඩු කර ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය පවසයි.

    NDH/mof

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya