මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කන්කසන්තුරේ සිට ගාල්ල දක්වා මුහුදු ප්‍රදේශවලට වැසි

    ජූලි 27, 2014

    (sinhala.news.lk) අද (27) කන්කසන්තුරේ සිට මන්නාරම සහ පුත්තලම හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට මුහුදු ප්‍රදේශ සඳහා නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව සුළං නිරිත දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-40ක් පමණ වේ. සුළං වේගය විටෙක පැ.කි.මී. 50 පමණ දක්වා ඉහළ යා හැක.


    කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැ.කි.මී. 60 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන අතර දිවයින වටා වන අනෙක් මුහුදු ප්‍රදේශ ද විටින් විට තරමක් රළු වීමට ඉඩ ඇත.  
     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya