දුෂ්කර හා අතිදුෂ්කර පාසල් සිසුන් වෙනුවෙන් ප්‍රථම වරට පාවහන් සහ අතිරේක නිල ඇඳුම් කට්ටලයක් බෙදා දීමේ ජාතික මහෝත්සවය හෙට (28) සිදුකෙරේ. අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ආරාධනයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී හෙට පෙ.ව. 10.30ට එම උත්සවය ආරම්භ වීමට නියමිතය. ECB